අළුපුහුල් වල ඖෂධීය භාවිතය පිළිබඳව සලකා බැලීමේදී පුහුල් වැලේ මුල්, පොතු, ගෙඩි ආදිය එෟසධ සදහා යොදා ගනියි. මුත්‍රා රෝග වලට, වකුගඩුවල ගල් ඉවත් කිරිමට, වකුගඩු පිරිසිදු කිරිමට, ශරිරය සිසිල් කිරීමට, සම පැහැපත් කිරීමට, රක්තහීනතාවය, හදවත් රෝග, දියවැඩියාව ආදී රෝග රැසකට අළුපුහුල් භාවිතා කිරීම ගුණදායක වේ.
අළුපුහුල් යනු එක් අතකට බොහෝ රෝග සමනය කිරිමට යොදා ගන්නා ඖෂධයකි. අනෙක් අතට වස් දොස් කපා හරින්නකි. ඊට අමතරව රසවත් කැවිලි ආදිය සකස් කිරීමට ද අළු පුහුල් වැඩි වශයෙන් භාවිතා කරයි.
අළුපුහුල් ව්‍යංජනයට බොහෝ දෙනෙකු අකමැති වුවත් පුහුල් දෝසි, පුහුල් අළුවා යනු අළු පුහුල් වලින් සකස් කරගන්නා රසවත් කැවිලි වර්ගයන් වෙයි. අළු පුහුල් වල පවත්න ගුණ නිසාම ඇමරිකාව ආදී යුරෝපියානු රටවලද අළු පුහුල් බහුලව දැකගත හැත. පුහුල් වල ජලීය පදාර්ථ වැඩි වශයෙන් අඩංගු වුනද එහි අඩංගු පෝෂය පදාර්ත ද ඊට දෙවෙනි නොවෙයි. සෝඩියම්, තන්තු, යකඩ, සින්ක්, පොස්පරස්, විටමින් බී කාණ්ඩයට අයත් විටමින් වර්ග මෙන්ම විටමින් ඒ, සී, පොටෑසියම්, කැල්සියම් ද අඩංගු වෙයි.
අළුපුහුල් වල ඖෂධීය භාවිතය
අළුපුහුල් වල ඖෂධීය භාවිතය පිළිබඳව සලකා බැලීමේදී පුහුල් වැලේ මුල්, පොතු, ගෙඩි ආදිය එෟසධ සදහා යොදා ගනියි. මුත්‍රා රෝග වලට, වකුගඩුවල ගල් ඉවත් කිරිමට, වකුගඩු පිරිසිදු කිරිමට, ශරිරය සිසිල් කිරීමට, සම පැහැපත් කිරීමට, රක්තහීනතාවයට, බරවා රෝගීන්ට, ආමාශය හා ගුද මාර්ගයේ තුවාල වලට, අධික මාස් ශුද්ධිය සමනය කිරීමට, රුධිරගත මේදය අවම කිරිමට, අම්ලපිත්තයට, ආසාත්මිකතාවයන්ට, සෙම්ප්‍රතිශ්‍යාව, ඇදුම ආදී ශ්වසන පද්ධතිය ආශ්‍රීත රෝගයන්ට, සර්ප විෂට, මුඛ පිළිකා වලට, ප්‍රතිශක්තිකරණය වර්දනය කිරීමට, හදවත් රෝග වලට, දියවැඩියාවට අළුපුහුල් භාවිතා කිරීම ගුණදායක වේ.

සියලුම රෝග සමනය කිරීම සදහා අළුපුහුල් ව්‍යංජනය වැදගත් වෙයි. ඒ සදහා අළුපුහුල්, පොල් කිරී, කරපිංචා, සුදුළුෑණු, මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ ස්වල්පයත්, ලුණු ස්වල්පයක්, ගම්මිරිස් ස්වල්පයක්, ගොරකා ස්වල්පයක්, කුරුඳු ස්වල්පයක්, වතුර කෝප්පයක් අවශ්‍ය වෙයි. අළු පුහුල් කැබලි වලට තපා බදුනකට දමා ඉහත සදහන් කුළුබඩු ඊට මිශ්‍ර කර ගන්න. පසුව මැටි බඳුනත් ලිප තබා තෙල් සිවල්පයක් දමා කරපිංචා, සුදුළුෑණු එක්කර ඊට අළුපුහුල් ටිකද එක්කර ගන්න. මද වේලාවකින් වතුර මිශ්‍ර කර අඩු ගින්දරේ තැම්බෙන්නට හැර පොල් කිරි මිශ්‍ර කර ගන්න. පසුව විනාඩි පහක් පමණ උතුරවා හැර ලිපෙන් බාගන්න. මේ ආකාරයට අළුපුහුල් ව්‍යංජනය ආහාරයට ගෙන රෝග සමනය කර ගත හැකිය.
අළුපුහුල් වගා කරන ආකාරය
අළුපුහුල් වගා කිරීමේදී එහි පස පිලිබඳවත් සැලකිලිමත්වීම වැදගත් වෙයි. හොඳින් බැස යන කාබනික ද්‍රව්‍ය අඩංගු පසක හොඳින් වැවෙයි. මෙය වියළි කලාපයේ වගා කළ හැකි බෝගයකි. සෙනටිමීටර් 30 ගැඹුරට පස පෙරළා තරමක් කැට පොඩි කොට සෙන්ටිමිටර් 30 දිග, පළල ගැඹුරු වලවල් සකස් කර ගත යුතුය. එයට දිරූ කාබනික ද්‍රව්‍ය ග්‍රෑම් 500- කිලෝග්‍රෑම් එකක පමණ ප්‍රමාණයක් වලකට එකතු කර මතුපිට පස සමඟ මිශ්‍ර කර ඒ මිශ්‍රණයකින් පොළව මට්ටමේ සිට සෙනටිමීටර් දහයක උසට වල පුරවා එම වලේ බීජ දෙකක් හෝ තුනක් සිටුවිය හැකිය. අළුපුහුල් වගා කිරිම සදහා මහ කන්නය සුදුසු වේ.
මූලාශ්‍රය : කෘෂි පුවත් 18 වන කලාපය – 2008 ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
සටහන – සුපුනි තාරුකා, කොළඹ විශ්ව විද්‍යාලය, ශ්‍රීපාලි මණ්ඩපය