වැනිලා වවන හැටි හරියටම දැන ගනිමු

වැනිලා බොහෝවිට සම්ප්‍රදායික වගා කරන්නේ තනි වගාවක් ලෙස වුවත් විවිධ ක්‍රම යටතේ වගා කල හැකිය.

තනි වගාව

මේ සදහා සිටුවන පරතරය ලෙස පැල අතර පරතරය අඩි 5 ක් ලෙසත්, පේලි 2 අතර පරතරය අඩි 8 ක් ලෙස ගනු ලැබේ.

අතුරු වගාව

සාමාන්‍යයෙන් වැනිලා  බෝගය අතර අතුරු වගාව ක් ලෙස ද වගා කිරීමට හැකියාව ඇත. විශේෂයෙන් බහුවාර්ශික බෝග අතර පොල් අතර වගා දක්නට ලැබේ. නමුත්  වැනිලා වලට නියමිත සෙවන සහිත ව එම බහුවාර්ශික බෝගය තිබිය යුතුයි. වාර්ෂික බෝග අතර වැනිලා වගාව සිදු නොකරයි.  හේතුව වාර්ශික බෝග වලින් නියමිත සෙවන නොලැබෙන අතර නිතර පස් බුරුල් කිරීම නිසා වැනිලා වල මුල පද්ධතිය ට හානි විය හැක .

පාත්ති ක්‍රමය 

උළු කැට හෝ බ්ලොක් ගල් භාවිතා කර අඩි 3 පමන පාත්ති සකස් කර එම පාත්ති තුල අඩි 4 හෝ 5 පරතරය ඇතිව ග්ලිඩිසීරියා ආධාරකය සිටුවා වැනිලා වගා කල හැකියාව ඇත. මෙහිදී  පාත්ති තුල සිටුවන ආධාරකය පැලවී හොදින් සෙවන ලැබුනු පසු වැනිලා සිටුවීමට හැකිවේ.

අධි ඝනත්ව වැනිලා වගාව

  • මේ ක්‍රමය ට වැනිලා වගා කිරිම තුලින් භූමිය උපරිම ප්‍රයෝජන ගැනීමට පුළුවන් .
  • ඉඩ කඩ අඩු  නාගරික ප්‍රදේශ වලට ගැලපේ .
  • අඩි 5 ක් පලල අඩි 20 දිග  පාත්ති සකස් කරන්න .
  • එම පාත්ති ය තුල අඩි 4 යි 4 පරතරය ට (දිග පලල )
  • ආධාරක ලී සිටුවා වැනිලා සිටුවීමට පුළුවන් 
  • සාමාන්‍ය යෙන් අඩි 5 යි 20 පාත්ති යක පේලි 2 ලෙස වැනිලා වැල්  10 ක් සිටුවීමට හැකිවේ.
  • මේ පාත්ති සදහා සෙවන දැල් හෝ ග්ලිඩිසීරියා ආධාරක කලින් සිටුවා සෙවන කර වැනිලා සිටුවීමට හැකිවේ .

සෙවන දැල් යොදා කරනු ලබන වගාව 

මේ සදහා 60% සෙවන දැල් යොදාගෙන වගා කිරීමට සැලසුම් කල ඉඩම සෙවන කරන අතර පසුව වැනිලා වැල් හෝ පැලසිටුවීමට පුළුවන්. අඩි 4 න් 4 ට තනි පේලියක් ජායාරූපයේ පරිදි සකස් කරන්න.

වැනිලා වැල් සඳහා ආධාරක

  • වැනිලා ආධාරකය යක් උපයෝගී කරගෙන වැඩෙන වැල් වර්ගයක් නිසා සුදුසු ආධාරකය යක් භාවිතා කිරීම ඉතාමත් වැදගත් .
  • වගාවේ අඩිතාලම ලෙස මේ අධාරකය හදුන්වාදීමට පුළුවන් . 
  • මුලික ව වැල් ඉහළ ට වැඩීමත් පසුව වැල් පහලට හරවා පුහුණු කිරීම ට ආධාරකය බොහෝවිට උපකාර වේ 
  • වැනිලා වගාව වේ සෙවන පාලනය කිරීම ට මේ අධාරක කප්පාදු කිරීම වැදගත් .
  • වගා ආරම්භයේ සෙවන සැපයිම මෙම ජීවී  ආධාරක මගින් සිදුවේ .
  • මේ සදහා ජීවී හා අජීවි ආධාරක භාවිතා කරනු ලබනවා 
  • ජීවී ආධාරක ලෙස ග්ලිඩිසීරියා ඉතාමත් සාර්ථක යි .
  • එරබදු ,කොට්ට ත් විකල්ප ලෙස භාවිතා කිරීම ට පුළුවන් .
  • අජීවි ආධාරක ලෙස කොන්ක්‍රීට් කනු හෝ ලී කදන් භාවිතා වේ.

මවු ශාක  මගින් රෝපණ ද්‍රව්‍ය ලබාගැනීම

වැනිලා සිටුවීමට රෝපණ ද්‍රව්‍ය

  • දඩුකැබලි 
  • වැනිලා  බදුන් පැල 

රෝපණ ද්‍රව්‍ය ලබා ගන්නා  මවු ශාක  වල අවශ්‍යතා 

  • නිරෝගී වැල – (කෘමි හානි නොමැති  නිරෝගී වැල් )

වැඩුනු පුද්ගලයකු ගේ මැද ඇගිල්ලක් පමණ මහත වැල් මේ සදහා සුදුසු වේ.  සාමාන්‍ය යෙන් සිටුවීමට සුදුසු වැල් අඩි 3 සිට 8/9 දක්වා  පරාසයක ලබාගැනීමට පුලුවන.

  • ඒකාකාරී ඵලදායවක් සහිත බවින් යුතු වැනිලා මවු වැල්
  • වේගවත් වර්ධන විලාශය කින් යුක්ත වැනිලා මව් වැල්

වැනිලා වගාව සඳහා මව් වැල් ලබාගැනීම සදහා වැනිලා මවු ශාක උද්‍යාන පිහිටුවීම

  • එක ලගින්  අඩි 2 න් 2 ට පමණ පිහිටුවා ගත් ආධාරක වල වැනිලා පැල සිටුවා එම වැල් වර්ධන ය වීමට ඉඩ දී රෝපණ ද්‍රව්‍ය ලෙස එම වැල් කපාගෙන වගාව ට යොදාගනී .
  • මෙ මව් ශාක නිශ්පාදනය කරන්නේ බොහෝවිට සෙවන දැල් යටතේ වේ .
  • ආධාරක ලෙස පුවක් පටි ග්ලිඩිසීරියා යොදාගනී .

වැනිලා පැල නිෂ්පාදනය කිරීම 

  • බදුන් ප්‍රමාණය අගල් 8 ක් පලල අගල්10 උස් බදුන් .
  • බදුන් මිශ්‍රණ ය
  • මතුපිට පස් ,වැලි ,කාබනික පොහොර ,කර දහයියා . 1:1:1::1/2 
  • ලෙස යොදාන්න 
  • එම මිශ්‍රණය යෙන් බදුන පුරවා පුරුක් 4 සහිත ඉහත සදහන් මවු ශාක ලක්ශ න ඇති දඩුකැබලි එම බදුන් වල සිටුවා ගනී.
  • මෙම බදුන් මාස 4 ක පමණ කාලයක් සෙවන දැල් තුල නඩත්තු කර ක්ශෙත්‍ර යේ සිටුවීමට හැකිවේ .
  • අවම පුරුක් 4 සහිත නව අංකුර ය සහිත පැල සිටුවීමට සුදුසු වේ .

සෙවණ හා අධාරකය නඩත්තු කිරීම

  • ආධාරක ය මගින් සෙවන ප්‍රධාන ලෙස ලබාගන්නා අතර කෙසෙල් වැනි බෝගයක් අතුරු වගාව ක් ලෙස සෙවන හා තෙතමනය ලබාගැනීම වගාකල හැක .
  • වැනිලා මුල් කාලේ සෙවන 60% 70% අතර අවශ්‍ය වේ .
  • පසු ව මල් හටගන්නා කාලේ එය 30% දක්වා අඩු කරන්න අවශ්‍ය වේ .
  • මල් හටගැන්ම උත්තේජනය කිරිම ට.
  • දැල් ගෘහ තුල වගා කිරීම දී ආධාරකය සෙවන දැල් මට්ටමේ ට පෙර කප්පාදු කර නඩත්තු කිරිමක් අවශ්‍යයි .
  • මෙහිදී ඉවත් කරන ග්ලිඩිසීරියා කොල කාබනික පොහොර ක් ලෙස භාවිතා කිරීම සුදුසු වේ .

වැනිලා මල් පරාගනය

  • වැනිලා වගාව සිදුකර වර්ශ 2 1/2 ක් 3 ක් පමණ වන විට වැල් හොදින් මේරීම සිදුවේ .
  • එවිට නිසි ආකාරයට නඩත්තු කල පහලට එල්ලෙන වැල් සහිත වගාව ක් දෙසැම්බර් මාසේ පමණ 
  • සෙවන 30% දක්වා අඩුකර 
  • ජල සම්පාදනය නතර කර ( ස්වාභාව යෙන් ජනවාරි පෙබරවාරි මාස වියලි )
  • අග්‍රස්තය පුරුක් 5 පමන් ඉවත් කර මල් පිපීම උත්තේජනය කිරිම වැදගත් වේ 
  • මේ මගින් අග්‍රස්ත ප්‍රමුඛ තාවය අඩු වී 
  • මල් අංකුර වර්ධනය වීම ආරම්භ වේ .
  • මේ වා මාර්තු මාසේ පටන් මල් අංකුර මල් බවට පත් වේ .
  • මල් හොදින් පෙති දිගෑරුනු විට කෘතිම ව පරාගනය කලයුතු යි.
  • මෙම කාර්‍ය කිරීම ට පුහුණු ශ්‍රමය අවශ්‍ය වේ.
  • මල් උදේ 6 ට පමණ පිපීම ආරම්භ වේ සක්‍රිය කාලය දවල් 11.ත් 12 අතර අවසන් වේ එබැවින් උදේ 7 ත් 10 අතර කාලය තුල පරාගනය කිරීම ඉතාමත් වැදගත් .

සැකසුම

ධම්මික මොහොට්ටි

දිස්ත්‍රික් ව්‍යාප්ති නිළධාරී (පොළොන්නරුව)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *