කාබනික පොහොර වැඩි වශයෙන් යොදාගෙන මෙවර දේශීය ලොකු ළූණු වගාව සිදුකළ බවත් අක්කර එකකට කිලෝ 12,000-15,000 අතර සාර්ථක අස්වැන්නක් මෙවර ලොකු ළූණු ලැබෙන බව ගලේවෙල ප්‍රදේශයේ මහා පරිමාණයෙන් දේශීය ලොකු ළූණු වගා කළ ගොවියකු වූ එස්. ඒ. රතනපාල මහතා පැවසීය.
විදේශීය රටවලින් ගෙන්වන ලොකු ළූණු සඳහා රුපියල් 40ක් බදු මුදලක් පනවා දේශීය ලොකු ළූණු ගොවියා ශක්තිමත් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ඇතුළු සමස්ත රජයට මෙන්ම ජනමාධ්‍යයට ලොකු ළූණු ගොවීන්ගේ ස්තූතිය පිරිනමන බව දඹුල්ල ගලේවෙල සීගිරිය ආදී ප්‍රදේශවල ගොවීහු පවසති.

මේ දිනවල තම ලොකු ළූණු අස්වනු නෙළීම ආරම්භ කොට තිබෙන බවත් දේශීය ලොකු ළූණු කිලෝවකට රුපියල් 120 සිට රුපියල් 130 දක්වා වූ මිලක් ලැබෙන බවත් ඉදිරියේදී එම මිල ද මීට වඩා වැඩි විය හැකි බව දේශීය ලොකු ළූණු ගොවීහු පෙන්වා දෙති.
කාබනික පොහොර වැඩි වශයෙන් යොදාගෙන මෙවර දේශීය ලොකු ළූණු වගාව සිදුකළ බවත් අක්කර එකකට කිලෝ 12,000-15,000 අතර සාර්ථක අස්වැන්නක් මෙවර ලොකු ළූණු ලැබෙන බව ගලේවෙල ප්‍රදේශයේ මහා පරිමාණයෙන් දේශීය ලොකු ළූණු වගා කළ ගොවියකු වූ එස්. ඒ. රතනපාල මහතා පැවසීය.

දේශීය ලොකු ළූණු අස්වැන්න නෙළන සමය ආරම්භ වන විට විදේශීය රට රටවලින් ශත 25 ක රජයට බදු ගෙවා විශාල වශයෙන් විදේශීය ළූණු මෙරට ගබඩා කර තිබුණු බවත් ජනමාධ්‍ය හරහා මෙම තත්ත්වය පෙන්වා දීම සමඟ මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මුදල් අමාත්‍යවරයා, කෘෂිකර්ම අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයාගේ අවධානය කඩිනමින් මේ පිළිබඳව යොමු කළ බවත් ඒ අනුව ජනමාධ්‍ය ආයතන වලට මෙන්ම මෙම සියලු දෙනාට සමස්ත ලොකු ලූනු ගොවීන්ගේ ස්තුතිය පළ කරන බව රතනපාල ගොවියා සඳහන් කළේය.
දේශීය ලොකු ළූණු තොග වැඩි වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙමින් පවතින අතර ආර්ථික මධ්‍යස්ථානය තුළ රුපියල් එකසිය 110 සිට රුපියල් 130 දක්වා වූ මිල පවතින බවත් එම මිල දැනට ප්‍රමාණවත් බව දේශීය ලොකු ළූණු ගොවීහූ පවසති.

පසුගිය කන්න ගණනාවක්ම දේශීය ලොකු ළූණු සඳහා නිසි මිලක් නොමැතිව අසීරුතාවයකට පත් වූ බවත් ඇතැම් අවස්ථාවන්හිදී දේශීය ලොකු ළූණු ගොවියාට සාධාරණ මිලක් ඉල්ලා උද්ඝෝෂණ පවා පැවැත්වීමට සිදු වූ බවත් එවැනි අවස්ථාවක රජය කඩිනමින් අවධානය යොමු කිරීම් නිසා තමන්ට විශාල සහනයක් බව දේශීය ලොකු ළූණු ගොවියෝ පෙන්වා දෙති.
රතනපාල ගොවි මහතා කියා සිටියේ 80% ක පමණ කාබනික වගාව සිදු කර තිබීම නිසා අස්වැන්න සාර්ථක වූ බවයි.
දේශීය ලොකු ළූණු ගොවීන් බහුතරයක් තමන්ට සාධාරණ මිලක් කලකට පසු ලැබීම් නිසා රජයට තම ස්තුතියි පල කරන බව සඳහන් කිරීම් විශේෂත්වයකි.
කාංචන කුමාර ආරියදාස – දඹුල්ල