මෙවර මහ කන්නය සඳහා රජයෙන් ලබා දෙන පොටෑසියම් ක්ලෝරයිඩ්පොහොර හා නැනෝ නයිට්‍රජන් දියර පොහොර කෘෂිකර්ම උපදේශකවරුන් ගේ මඟ පෙන්වීම අනුව වී වගාවට යොදා ගත යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පෙන්වා දෙයි.
රජයෙන් ආනයනය කරන ලද පොහොරවලට අමතරව දේශීය ව්‍යවසහයකයින් විසින් නිපදවා ඇති කාබනික ඝණ පොහොර හා කාබනික දියර පොහොර යොදා ගැනීමටද ගොවීන්ට අවස්ථාව උදා වී ඇතිබව පෙන්වා දෙන ආචාර්ය සිල්වා මහතා මෙම කුමන පොහොර වුවත් නියමිත ප්‍රමතියට නියමිත කාලයට වගාව සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳව කෘෂිකර්ම උපදේශකගෙන් ගොවීන්ට උපදෙස් ලබා දෙනු ඇති බවද පෙන්වා දෙයි