ගොවීන්ගේ වී අස්වැන්න තරගකාරී මිලකට මිලදී ගැනීමේ අරමුණින් නාඩු වී කිලෝවක් රුපියල් 55 බැගින් වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගැනීමට ඊයේ (13) පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී අනුමැතිය හිමිව තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කළ මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් පවසා ඇත්තේ යල කන්නයේ වී අස්වැන්න නෙළීම මේ වන විට ආරම්භ වී ඇති බැවින් ගොවීන්ගේ වී ඇස්වැන්න තරගකාරී මිලකට මිලදී ගැනීමේ අරමුණින් නාඩු වී කිලෝවක් රුපියල් 55 බැගින් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගැනීමටත්, එලෙස මිලදී ගනු ලබන වී තොග සහල් බවට පත් කොට සතොස අලෙවි සැල් ජාලය මගින් පරිභෝගිකයින් වෙත සාධාරණ මිලකට අලෙවි කළ හැකි බවයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළ කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ නව තීන්දුව අනුව ගොවි බිම්වලටම ගොස් නාඩු වී කිලෝව රුපියල් 55/- බැගින් අද (14) සිටම මිල දී ගැනිමට වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබා දී ඇති බවයි.
මීට පෙර නාඩු වී කිලෝවක් වී අලෙවි මණ්ඩලය විසින් මීල දී ගත්තේ රුපියල් 50කට බව ද අමාත්‍යවරයා පැවසුවේය.