චීනෙන් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක්

චීන ශ්‍රී ලංකා රබර් සහල් වෙළෙඳ  ගිවිසුමට වසර 70ක් සම්පූර්ණ වීම නිමිත්තෙන්  ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක්  නොමිලේ ලබා දෙන්නයි වෙළෙඳ ඇමැති ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතා චීන තානාපති වරයාගෙන් ඉකුත්දා කළ ඉල්ලීීමට යහපත් ප්‍රතිචාර ලැබී තිබේ.‍

වෙළෙද අමාත්‍යවරයාගේ ඉල්ලීම මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා යොමු කරන ලෙස චීන තානාපතිවරයා දැනුම් දී තිබූ අතර, ඒ අනුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව එම ඉල්ලීම චීන තානාපති කාර්යාලය වෙත ලිඛිතව  ඉදිරිපත් කර තිබිණි.

මෙම ඉල්ලීම අනුව චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක පරිත්‍යාගයක් ලබා දෙන බවට චීන තානාපතිවරයා තමාට දැනුම් දී ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා  ඊයේ (18) රාත්‍රි පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *