තිරසර කෘෂිකර්මයක් සඳහා වන කාර්ය සාධක බළකායේ සාමාජිකයින් පත් කරයි

තිරසර කෘෂිකර්මාන්තයක් සදහා වන අමාත්‍යාංශයීය කාර්ය සාධක බලකාය සඳහා සාමාජිකයින් පත් කිරිම ඊයේ (9) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු විය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පසුගිය ජූලි මස 26 වන දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව මෙම පත් කීරිම් සිදු කරන ලද්දේ ද කෘෂිකර්ම අමාත්‍යවරයා විසිනි.

සබරගමුව විශ්ව විද්‍යලයේ මහචාර්ය පී.අයි.යාපා මහතා ⁣මෙම බලකායේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

මෙම සියලු දෙනා ගේ පත්වීම් ලිපි ප්‍රදානය කීරිම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතින් ඊයේ (9) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු විය. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ද සහභාගි වී සිටියහ. මෙම කාර්ය සාධක බලකායේ පළමු රැස්වීම ද ඊයේ (9) අමාත්‍යවරු දෙපල ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

සාමාජිකයින් 14 දෙනෙකුගෙන් යුත් මෙම කාර්ය සාධන බලකායේ සෙසු සාමාජිකයින් වන්නේ,

  1. මහාචාර්ය උදිත කේ. ජයසිංහ (ලේකම් – කෘෂිකර්ම අමාත්‍යාංශය), 
  2. මහාචාර්ය මාලක රන්තිලක (පේරාදෙණිය විශ්ව විද්‍යලය), මහාචාර්ය කේ.එස්.හේමචන්ද්‍ර (පේරාදෙණිය විශ්ව විද්‍යලය), 
  3. මහාචාර්ය චන්ද්‍රිකා නානායක්කාර (කොළඹ විශ්ව විද්‍යලය), 
  4. මහාචාර්ය ගාමිණි ⁣සේනානායක (සභාපති – ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව), 
  5. මහාචාර්ය සනත් අමරතුංග (පේරාදෙණිය විශ්ව විද්‍යලය), මහාචාර්ය සංජීවනී ගිනිගද්දර (රජරට විශ්ව විද්‍යලය), 
  6. ආචාර්ය යසන්තා මාපටුන (ව්‍යාපෘති අධ්‍යක්ෂ – කුඩා පරිමාණ කෘෂි සහභාගිත්ව වැඩ සටහන), 
  7. අචාර්ය හේමන්ත විජේගුණවර්ධන (විශ්‍රාමික අතිරේක ලේකම් -කෘෂිකර්ම අමාත්‍යාංශය), 
  8. සෑම් සමරසිංහ (ව්‍යවසායක – පි.ඒ.එස්.මාකටින් පුද්ගලික සමාගම), 
  9. කේ.ඒ අනිල් (ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය), 
  10. අරුණකාන්ත බණ්ඩාර (ව්‍යවසායක – හෙල්දිස්ලා පුද්ගලික සමාගම), 
  11. සචිත්‍ර යාපා ව්‍යවසහයක (නිල්මිණි එස්ටේටි පුද්ගලික සමාගම)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *