තේ වගාව සඳහා ඩොලමයිට් නොමිලේ දීමට බලාපොරොත්තු වන බවත් සෑම නිවසකටම ලබන වසරේ පොල් පැල දෙකක්, ගෙවතු මිශ්‍ර වගාව සඳහා කුරුඳු, ගම්මිරිස්, පුවක් වැනි පැල වර්ග ද ලබා දීමට පියවර ගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සදහන් කරයි.
වැවිලි බෝග අපනයන කටයුතුවලින් ඇමරිකානු ඩොලර් බිලියන 4ක ආදායමක් බලාපොරොත්තු වන බව ද සදහන් කරන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තවත් දෙවසරක් යන විට ඇඟළුම් ආදායමට සමාන ආදායමක් වැවිලි අපනයනයෙන් ලබාගත හැකි බවට අනාවැකි පළ කළ හැකි යැයි ද කියයි.