දේශීය ලොකු ලූනු අස්වැන්න මේ දිනවල නෙළීමේ කටයුතු ආරම්භ කර ඇති නිසා කඩිනමින් විදේශ රටවලින් ගෙන්වන ලොකු ළූණු සඳහා දැනට පනවා ඇති ශත 25ක බද්ද ඉවත් කොට දේශීය ගොවියාට සාධාරණය වන පරිදි බද්ධ වැඩි කරන්නැයි දඹුළු ලොකු ලූනු ගොවීහූ රජයෙන් ඉල්ලා සිටිති.
දඹුල්ල, ගලේවෙල, සීගිරිය, නවුල, පොළොන්නරුව, හබරණ, මැදිරිගිරිය, ගල්කිරියාගම, ආදී ප්‍රදේශවල මෙවර විශාල වශයෙන් දේශීය ලොකු ලූනු වගා කොට තිබේ.
මේ දිනවල සීගිරිය ප්‍රදේශ්යේ වැඩි වශයෙන් ලොකු ළුණු වගා කර ඇති අතර අස්වැන්න නෙළීමේ කටයුතු ආරම්භ කොට ඇතැයි සීගිරිය ලොකු ලූනු ගොවීන් පවසති.

තමන්ගේ අස්වැන්න සඳහාමේ දිනවල රුපියල් 70-80ත් අතර මිලක් පැවතියද එම මිල ගණන් යටතේ වෙළෙන්දන් තම දේශීය නිෂ්පාදන මිලදී නොගෙන වෙළඳපොළේ ඇති පාකිස්ථානයෙන් සහ ඉන්දියාවෙන් ගෙන්වා තිබෙන කිලෝවක් රුපියල් 50 සිට 65 දක්වා වූ මිලට අලෙවි කරන ලූුණු මිලදී ගන්නා බව ගොවීහු පවසති.
පසුගිය දිනවල පොහොර සහ කෘමිනාශක ද්‍රව්‍ය නොමැතිවීම ඒවා වැඩි මිලට ලබා ගෙන ගොවිතැන් කිරීම මෙන්ම ශ්‍රම කුලිය වැඩි වීම ආදී නිසා ලොකු ළූණු කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 85-90 අනුවත් අතර මිලක් වියදම් වී ඇතැයි දේශීය ලොකුළ ලූනු ගොවීහු පවසති.

විදේශීය රටවලින් ගෙන්වන ලොකු ලූනු කිලෝවක් සඳහා රජය ශත 25ක බද්ද මේ වන විට අයක කිරීම නිසා වෙළඳපොළේ විදේශීය ලොකු ලුණු අඩු මිලට පවතිම නිසා දේශීය ලොකුළ ලූනු ගොවියාට සාධාරණ මිලක් අහිමිවන බව ද ඔවුහු පෙන්වා දෙති.
දේශීය ලොකු ලූනු ගොවීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ කඩිනමින් දේශීය ගොවියා පිළිබඳව අවධානය යොමු කොට විදේශ රටවලින් ගෙන්වන ලොකු ළූණු සඳහා බද්දක් පනවන ලෙස ය.

වෙනත් වසරවල ද මේ ආකාරයෙන්ම විදේශ රටවලින් ගෙන්වන ලුණු සඳහා බද්ධ පැනවීමත් සමඟ දේශීය ගොවියාට සාධාරණ මිලක් හිමි වූ බව සීගිරියේ ගොවීහු පවසති.
සීගිරිය ප්‍රදේශයේයේ දේශීය ලොකු ලූනු අස්වනු නෙළීමේ කටයුතු ආරම්භ කොට ඇති ආකාරය පෙන්වා දෙන ගොවීන් කියා සිටින්නේ එක ලූනු කිලෝවක් කැපීම සඳහා කම්කරුවෙකුට රුපියල් තුනක මුදලක් ගෙවන බවයි.
වෙතත් රසායනික පොහොර නොමැතිවව මෙම මෙවර දැඩි අසීරුතා මධයේ තමන් වගා කළ බවද ගොවින් පවසති.
සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස