දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී දේශීය ලොකු ළූණු කිලෝවක් සඳහා මෙම මස 25වන දින සිට රුපියල් 200ක ඉහළ මිලක් ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසයි.
මෙවර මාතලේ, අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි ගොවීන් වැඩි වශයෙන් දේශීය ලොකු ළූණු වගා කර තිබේ. බොහෝ ගොවීන් තම අස්වැන්න අලෙවි කිරීම සඳහා රැගෙන එන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයටයි. ගොවීන් පවසන්නේ එහිදී ඹවුන්ට ලොකු ළූණු කිලෝවක් සඳහා රුපියල් 170 සිට රුපියල් 200 දක්වා ඉහළ මිලක් ලබා ගත හැකි වුවත් ඉන්දීය බීජ වගා කළ ගොවීන්ට එතරම් ඉහළ ඉල්ලුමක් සහ මිලක් ලබා ගත නොහැකි බවයි.
කෙසේ වෙතත් පාකිස්ථානයෙන් විදේශීය ලොකු ළූණු ලබන මාසයේ මෙරටට ගෙන්වීමේදී මිල පහත යන නිසා ඉහළ මිල ගණන් පවතිද්දීම තම අස්වනු අලෙවි කර ගන්නැයි ව්‍යාපාරික ප්‍රජාව දේශීය ලොකු ළූණු ගොවියාගෙන් ඉල්ලීමක් කර සිටියි.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල