දේශීය ලොකු ළූණු කිලෝවක් රුපියල් 100 බැගින් ලබන නම වැනි දා සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී සතොස හරහා මිලදී ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කොට ඇතැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
දේශීය ලොකු ළූණු ගොවීන්ට නියමිත මිලක් නොමැති වීම නිසා අසරණ වී සිටින බව ප්‍රකාශ කරමින් නිශ්චිත මිලක් ලබා ගැනීම සඳහා තමන් රජයෙන් කරන ලද ඉල්ලීමක් පරිදි රජය 07 දින සිට විදේශ රටවලින් ගෙන්වන ලොකු ළූණු සඳහා කිලෝවකට රුපියල් 40ක බද්දක් අය කිරීමට තීරණය කළ බවද සඳහන් සදහන් කළේය.
අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ තමන් නියෝජනය කරන මාතලේ දිස්ත්‍රික් වැඩි වශයෙන් ලොකු ළුණු වගා කරන තිබෙන බවත් සෑම වසරකම ලොකු ළූණු ගොවියන්ට නියම මිලක් ලබාදීම ක් ලබාදීම සඳහා තමන් කටයුතු කළ බව ය. ඒ අනුව මෙවර ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙන්ම මුදල් අමාත්‍යංශයට මිලක් ඉල්ලා විදේශ රටවලින් ගෙන්වන ලොකු ළූණු සඳහා බද්දක් යොමු කරන ලෙස එමෙන්ම සතොස හරහා සාධාරණ මිලකට දේශීය ලොකු ළූණු මිල දී ගැනීම් සිදු කරන ලෙස ඉල්ලා සිටි බව ය.
ඒ අනුව ලංකා සතොස හරහා ලබන 09 වැනි දා සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තත්වයෙන් උසස් ලොකු ළූණු කිලෝවක් සඳහා රුපියල් 100ක් ස්ථාවර මිලක් යටතේ මිලදී ගැනීම්ට රජය තීරණය කර තිබෙන බවත් ගොවීන් අඩු මුදලට තම නිෂ්පාදන අලෙවි නොකොට සතොස හරහා පාරිභෝගික ජනතාවට දේශීය ලොකුළූණු ලබාගැනීමට හැකිවන පරිදි රැගෙන එන්නැයි අමාත්‍යවරයා ලොකු ළූණු ගොවීන් ගෙන් ඉල්ලීමක්ද කළේය.
මේ දිනවල දේශීය ලොකු ළූණු අස්වැන්න නෙළීම ආරම්භ කොට ඇති අතර මාතලේ දිස්ත්‍රික්කයේ මෙන්ම පොලොන්නරුව අනුරාධපුර යන දිස්ත්‍රික්කවල ද වැඩි වශයෙන් දේශීය ලොකු ළූණු වගා කොට තිබේ.
සටහන – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල