නැනෝ නයිට්‍රජන් පොහොර ලීටර් 2,200,000ක් ඉන්දියාවෙන් මෙරටට

නැනෝ නයිට්‍රජන් ප්‍රභවයක් සහිත වි‍ශේෂ දියර ‍පොහොර ලීටර් විසි දෙලක්ෂයක් ඉදිරි දින කිහිපය තුළ ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ඊට අදාළ පළමු පොහොර තොගය ඉන්දියාවේ සිට ලබන අඟහරුවාදා මෙරටට ආනයනය කරන බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

පරිසර හිතකාමි කෘෂිකර්මාන්තයක් සඳහා ලෝකයේ රටවල් බොහෝමයක් මෙම නැනෝ නයිට්‍රජන් ප්‍රභවයක් සහිත දියර ‍පොහොර භාවිතයට ගන්නා අතර වී වගා කළ පසු යොදන මෙම දියර පොහොර නියමිත කාලයට ගොවීන් වෙත ලබාදීමට හැකි බවද කෘෂිකර්ම අමාත්‍යංශය පෙන්වා දෙයි.

‍මේ අතර පරීක්ෂණවලින් තහවුරු කරගත් ගුණාත්මකභාවයෙන් වැඩි දේශීයව නිෂ්පාදනය කළ කාබනික පොහොර සහ නයිට්‍රජන් අන්තර්ගත ‍ජෛව පො‍හොර ‍ ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන් අතර බෙදාහැරීමට කටයුතු සූදානම් කර ඇති බවද අමාත්‍යංශය සඳහන් කරයි.

එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ කොම්පොස්ට් ඇතුළු කාබනික ‍පොහොර නිෂ්පාදනය කරන බවට ලියාපදිංචි වී හෙක්ටයාර එකකින් පොහොර කිලෝග්‍රෑම් 500ක් නිෂ්පාදනය කළ ගොවීන්ට රුපියල්12,500ක මුදලක් ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *