නුවරඑළියේ එළවළු අඛණ්ඩව රට පුරා බෙදා හැරීමේ වැඩපිළිවෙළක්

නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබුණ ද නුවරඑළිය ගොවි ජනතාවගේ නිෂ්පාදන බාධාවකින් තොරව රට පුරා බෙදාහැරීම සඳහා නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය මගින් වැඩපිළිවෙළක් සකසා ඇති බව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය සදහන් කරයි.

පසුගිය (24) දින උඩරට එළවළු කිලෝ 150,000කට වැඩි ප්‍රමාණයක් දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරීම සිදුකර ඇති බවත්, අදත් එවැනීම ප්‍රමාණයක් බෙදාහාරීමට හැකිවනු ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පවසා ඇත.

දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් සඳහන් කර ඇත්තේ ඉදිරියේදී  ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම සඳහා රජය දෙන උපදෙස්වලට අනුව කටයුතු කරමින් අඛණ්ඩව එළවළු බෙදාහැරීම සිදු කිරීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *