පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ වී අලෙවි මණ්ඩලයට අයත් මධ්‍යස්ථාන 25ක වී මිලදී ගැනීමේ කටයුතු මේවනවිට ආරම්භ කර ඇති බව පොළොන්නරුව ප‍්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි.
රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ යටතේ මෙවර යල කන්නයේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් වී මෙට්‍රික් ටොන් 50,000ක් මිලදී ගැනීමට අපේක්‍ෂා කරන බව ද ඒකනායක මහතා පවසයි.
සම්බා වී කිලෝවක රජයේ සහතික මිල රුපියල් 52ක් වන අතර නාඩු වී කිලෝවක රජයේ සහතික මිල රුපියල් 50ක් බවයි ඒකනායක මහතා පැවසුවේ.