අම්පාර වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේදී යල කන්නයේ වී මිලදී ගැනීම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.

දිවයින පුරා යල කන්නයේ වී අස්වනු 10%ක් මේවනවිටත් නෙළමින් පවතින අතර, වී අලෙවි මණ්ඩලයේ සෑම ගබඩාවකටම වී තොග ලැබෙමින් පවතිනවා. අත්පිට මුදලට, සහතික මිලට ගොවි බිමටම ගොස් සියලු වී මිලදී ගැනීමට දිවයින පුරා වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර, තෙත වී ද මෙවර වී අලෙවි මණ්ඩලය හරහා මිලට ගනු ලබනවා.
ගොවි ජනතාව දැඩි උනන්දුවකින් රජයට වී ලබාදීමට කටයුතු කරන බවට හොඳම සාක්ෂියක් ලෙස අම්පාර වී ගබඩාව සැලකිය හැකියි.
ගොවි බිමටම ගොස් වී මිලදී ගැනීමට රජය ගත් තීන්දුව ඉතා ප්‍රශංසනීය බව ගොවි ජනතාව ප්‍රකාශ කළා.

මෙම අවස්ථාව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.