වගාකළ නොහැකි සියලුම කුඹුරුවල පොල් වවන්න අවසර

වගා කළ නොහැකි සියලු කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීම සඳහා අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව පරිසර ඇමති මහින්ද අමරවීර පවසයි.

දැනට රට තුළ පොල් පැළ හිඟයක් පවතින නිසා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් ලක්ෂ 05ක් බැගින් ලබා දී පොල් පැළ තවාන් ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, වගා කළ නොහැකි සියලු කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීමට අවසර ලබා දීමේ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බවත් ඔහු සඳහන් කරයි.

එම වගකීම වැවිලි අමාත්‍යාංශයට පමණක් බාර නොදී සෑම අමාත්‍යාංශයක්ම තමන්ට ලබා දී ඇති මුදල් උපයෝගී කරගෙන මෙම වැඩ පිළිවෙලට සහය දෙන ලෙස මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉල්ලීමක් කර ඇතැයිද පරිසර ඇමති මහින්ද අමරවීර පවසයි.

ඔහු මේ බව පැවසුවේ පරිසර අමාත්‍යාංශයේදී ඊයේ (16) පැවති ‘දේශගුණීක විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ’ ප්‍රධාන කමිටු රැස්වීම අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *