වගා හානිවීමෙන් පසුගිය වසරේ (2020) යල කන්නයේ ආපදාවට පත්වූ ගෙවීන්ට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණඩලය පසුගියදා රුපියල් කෝටි 37 කට (රුපියල් 371,463,986) අධික වන්දි මුදලක් ප්‍රදානය කළේය.
මෙහිදී කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණඩලය රට පුරා වගා හානියට ලක්වූ ගොවීන් 21,956 කට වන්දි ප්‍රදානය කළ අතර හානිවූ ගොවිබිම් ප්‍රමාණය අක්කර 20165 කට අධික වේ.
වී, බඩඉරිගු, ලොකු ළුණූ, මිරිස්, සෝයා සහ අර්තාපල් යන බෝග සඳහා ස්වභාවික ආපදා වන නියගය, ගංවතුර මෙන්ම වන අලීන්ගෙන් සිදුවූ හානි වෙනුවෙන් වන්දි හිමිවූ අතර ගොවීන්ගෙන් කිසිදු රක්ෂණ වාරිකයක් අයකිරීමෙන් තොරව මෙම වන්දි මුදල් ගෙවීම කැපී පෙනුණී.
මෙම වන්දි ක්‍රමයෙන් වගාවට සිදුවන කෘමි උවදුරු, රෝග, පලිබෝද, ගිනි ගැනීම් ආදි ආපදාවලට ද අක්කරයකට රුපියල් 200 ක් බැගින් ගෙවා රුපියල් 40000 ක රක්ෂණ ආවරණයක් ලබාගත හැකි අතර වන අලි හැර ඌරන්, මුවන්, හාවන්, මීයන්, මොණරුන් සහ රිලවුන් වැනි වෙනත් වන සතුන්ගෙන් සිදුවන හානි සඳහා ද අක්කරයකට රුපියල් 400 ක් බැගින් ගෙවා රුපියල් 40000 ක ආවරණයක් ලබාගත හැකිය.