වියළි මිරිස්වලින් ස්වයංපෝෂිත වීමේ වැඩපිළිවෙළේ තවත් සාර්ථක කතාවක්

මෙරටට අවශ්‍ය මිරිස් මෙරටේ දී නිෂ්පාදනය කර ගැනීම සදහා දියත් කර ඇති මිරිස් වගා කීරිමේ ව්‍යාපෘතිය යටතේ නාවලපිටිය ගලබොඩ වතුයායේ අක්කර 100ක මිරිස් වගාවේ අස්වැන්න නෙළීම අද (26) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතින් සිදු විය.

මෙරට වාර්ෂික මිරිස් අවශ්‍යතාවය මෙ.ටොන් 5,000 ක් වුවද මෙරට නිෂ්පාදනය කරනු ලබන මිරිස් ප්‍රමාණය මෙ.ටොන් 50ක් පමණය. මෙනිසා මිරිස් ආනයනය සදහා වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පිටරටට ඇදී යාම වළක්වා මෙරට මිරිස් අවශ්‍යතාවය මෙරටදීම නිෂ්පාදනය කර ගැනීම සදහා පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ. මේ අනුව හෙක්ටයාර් 3,000ක මිරිස් වගා කිරිමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

මේ  අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා  ජනවසමට අයත් ආර්ථික ඵලදායිතාවක් නොමැති ගලබඩ වතුයායේ අක්කර 100ක් වතුකරයේම දෙමළ තරුණයින් සියදෙනෙකු වෙත බෙදා දී මිරිස් වගාව ආරම්භ කළේ ආදර්ශ වගාවක් ලෙසය. වියළි කලාපයේ සාර්ථකව වැවෙන මිරිස් සීත දේශගුණික තත්වයන් යටතේ වගා කර ඵලදාව ලබා ගැනීම අසීරු බවට මතවාදයක් ගොඩ නගා තිබුණි. 

ඒ මතයට අභියෝග කරමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම අක්කර සියයක මිරිස් වගාව ආරම්භ කර ඇත. දමිළ තරුණ පිරිසද ඉතා උනන්දුවෙන් මිරිස් වගාවට යොමු වී පළමු අක්කර සියය තුළ වගාව සාර්ථක කරගැනීම හේතුවෙන් ගලබඩ වත්තතේ තවත් අක්කර සියයක මිරිස් වගාව ආරම්භ කිරිමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කටයුතු යොදා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *