මුළු ඌව පළාතටම කාබනික පොහොර දෙන ලංකා නේචර් පවර්

දිවයිනේ ඒක පුද්ගල ආදායම අඩුම යැයි කියන රිදීමාලියද්ද ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පනත්වාගෙන යන ලංකා නේචර් පවර් පුද්ගලික සමාගම ප්‍රදේශයේ ජනජීවිතය නගා සිටුවීමටත් ජනපතිතුමන්ගේ සෞභාගයේ දැක්ම සංකල්පය යථාර්ථයක් කිරීමටත් වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කරමින් තිබේ.

2017 වසරේදි බයෝමාස් විදුලි ව්‍යපෘතියක් ලෙස ආරම්භ කළ විදුලි බලාගාරයෙන් 2018 වසරේ සිට මේ දක්වාම ජාතික විදුලි පද්ධතියට මෙගාවෝටි 2.5ක අඛණ්ඩ විදුලි නිෂ්පාදනයක් සපයනු ලබන ආයතනයකි.

ප්‍රදේශයේ ජනතාවගෙන් පවුල් 1200ක් පමණ මේ ආයතනය ජීවනෝපාය කරගනිමින් සිටින අතර දෛනිකව ආයතනයට ලැබෙන ගිනිසිරියා දැව වෙනුවෙන් රුපියල් මිලියන 15ක පමණ මුදලක් මාසිකව ප්‍රදේශවාසීන්ගේ අතට ලැබෙන ඌවේ තිබෙන සමාජ සත්කාරක ආයතනයක් ලෙස ලංකා නේචර් පවර් පුද්ගලික සමාගම හැඳින්විය හැකිය. එයට අමතරව එම ආයතනයේ සේවයේ යෙදී සිටින ප්‍රදේශයේ පදිංචි විශාල පිරිසකගේද එකම ජීවනෝපාය මේ ආයතනයි. 2021 වසරේ සිට ලංකා නේචර් පවර් සමාගම ජාතික කර්තව්‍යයක් ලෙස රටේ කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩ සටහනට දායකත්වය දක්වමින් සමාජ සුබසාධන වැඩ සටහනක් ලෙස ස්භාවික අමුදව්‍ය යොදා ගනිමින් ගුණාත්මක කාබනික පොහොර නිෂ්පාදන කිරිමේ කටයුතු ආරම්භ කර තිබේ.

විදුලි නිෂ්පාදනයෙන් පසු අමතර නිෂ්පාදනයක් ලෙස ඉවත් වන අර්ධ දහනයට ලක්වු ග්ලිරිසීඩියා දැව වලින් සැදුම්ලත් ජීව අඟුරු උපයෝගී කරගනිමින් එයට ගොම පොහොර,කුකුල් පොහොර ඇතුළු පෝෂ්‍ය පදාර්ථ දව්‍ය රැසක් සමග සම්මිශ්‍රණයකින් ඉතාම ගුණාත්මක තත්ත්වයේ කාබනික පොහොර නිෂ්පාදනය කර ඌවට පමණක් නොව මුළු දිවයින පුරාම වී ගොවීන්ට පොහොර බෙදාහැරීමේ සත්කාර්ය මේ වන විටත් ආරම්භ කර තිබේ.

මෙම පොහොර නිෂ්පාදන ව්‍යපෘතිය ශ්‍රී ලංකාවේ නීති රීති අණපනත් වලට යටත්ව sLs ප්‍රමිතියට අනුකුලව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බලපත්‍රලාභි ආයතනයක් ලෙස පවත්වාගෙන යනු ලබයි.

ඇක්ටිග්‍රෝ නමින් වී නිෂ්පාදනය සඳහා ජෛව අඟුරු සහිත කාබනික කැට පොහොර හා මයික්‍රෝබුස්ටර් නමින් දියර ජෛව පොහොරත් නිෂ්පාදනය කර මේ වන විටත් රජයේ පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට ලබාදෙමින් තිබේ.

2021 වසරේ සිට ආරම්භ කළ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අමුදව්‍ය සපයන ප්‍රදේශවාසීන්ට විදුලි ව්‍යාපෘතිය සඳහා අමුදව්‍ය සපයන පිරිසට ගෙවන්නා වූ මුදල මෙන් මුදලක් ගෙවීමත් සමග ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය දිනෙන් දින ශක්තිමත් වෙමින් තිබේ.

2021/2022 මහ කන්නය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් කැඳවූ ටෙන්ඩර් පටිපාටියට අනුකූලව සියලු කොන්දේසි වලින් තේරී සමත්වූ මෙම ආයතනය මගින් මහ කන්නය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ වියලුව,බත්මැඩිල්ල,රිදීපාන යන ගොවිජන සේවා කොට්ඨාස තුන ආවරණය වන පරිදි කාබනික පොහොර වී වගාව සඳහා මේ වන විටත් නිකුත්කරමින් පවතින අතර අනෙකුත් ප්‍රදේශවලටද පොහොර බෙදාහැරීමට කටයුතු කර තිබේ.

මෙම සමස්ථ ව්‍යාපෘතියේ සභාපතිවරයා ලෙස කලිඩි නූර් මහතා කටයුතු කරන අතර අධ්‍යක්ෂ ලෙස හුමේඩ් කලීඩ් මහතා කටයුතු කරනු ලබයි.

අධ්‍යක්ෂ හුමේඩ් කලීඩ් මහතා ජනපතිතුමන්ගේ හරිත කර්මාන්තයක් වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාජිකත්වයද දරනු ලබයි. මෙම ආයතනය මගින් කරන්නාවූ මේ සත්කාර්ය ව්‍යපාරික අරමුණක්ම පමණක් නොව සමාජ සංවර්ධනය සදහා දක්වන්නා වූ දායකත්වයකි. ලංකා නේචර් පවර් පුද්ගලික සමාගමේ පොහොර නිෂ්පාදන මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් සමරවික්‍රම මහතා මෙසේ පැවසීය.

සමාජ සුබ සාධන කර්තව්‍යයකට සමගාමීව පවත්වාගෙන යන මෙම කාබනික පොහොර ව්‍යපෘතිය රජයේ නව ප්‍රතිපත්තිය අනුව තව දුරටත් ව්‍යාප්ත කිරීම අපගේ අරමුණයි. මෙවර මහ කන්නය සඳහා හෙක්ටයාර් 2250කට පොහොර සැපයූ අතර 2022 යල කන්නය සඳහා හෙක්ටයාර් 25000ක අරමුණකට ළඟාවීම අපේ අධිෂ්ඨානයයි.

තවදුරටත් පර්යේෂණ හා සංවර්ධන කටයුතු වලින් පොහොර නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම අපගේ ප්‍රධාන අරමුණ වන අතර මෙමගින් අඩු පොහොර ප්‍රමාණයකින් වැඩි භූමි ප්‍රමාණයක් අස්වැද්දිය හැකි ආකාරයෙන් නිෂ්පාදනයන් පිළිබදව අධ්‍යනයන් සහ පරීක්ෂණයන් දැනටමත් සිදුකරගෙන යනු ලබනවා.ලංකා නේචර් පවර් පුද්ගලික සමාගමේ අර්ථිකයට වඩා ප්‍රදේශයේ ජනතාවගේ සුබසාදන කටයුතු මේ ආයතනය මගින් සිදුකරනු ලබනවා.

දිනමිණ ඇසුරිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *