රසායනික පොහොර ආනයනය 100%ක් තහනම් කර කාබනික පොහොර භාවිතයට රට යොමු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් ඓතිහාසික තීන්දුව අනුව දේශීය පොහොර භාවිතය ගැන දැන් වැඩි අවධානයක් යොමුව තිබෙනවා. ඒ සමග වසර ගණනාවක් පුරා වැඩි අවධානයක් යොමු නොවූ මෙරට දැවැන්තම ස්වභාවික සම්පතක් වන එප්පාවල පොස්ෆේට් නිධිය ගැන ද දැන් අවධානය යොමු වෙමින් තිබෙනවා. විශේෂයෙන් මෙරට කාබකි වගාවට අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 50,000ක් නිෂ්පාදනය කරීමට එප්පාවල පොස්ෆේස්ට් නිධිය ප්‍රයෝජනයට ගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්මගේ මහතා පසුගිය දා කළ ප්‍රකාශය අනුව එප්පාවලට ඇති අවධානය තවත් වැඩි වුණා. මේ තත්ත්වය තුළ අපි මේ ලිපිය මගින් එප්පාවල පොස්ෆේස් නිධිය සහ එම සමාගම ගැන ඔබට අලුත් තොරතුරු රැසක් ගෙන එනවා.
මෙරට අනගි , අමිල සොබා සම්පත් අතර එප්පාවල පොස්පේට් නිධිය වටිනා වස්තුවකි . පොලොවෙන් මතු වූ පිරිසිදු පාෂාණයක් වන මෙහි වෙනත් අපද්‍රව්‍ය අඩුවීම සුවිශේෂීයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල ප්‍රදේශයේ පිහිටා ඇති මෙම පොස්පේට් නිධියෙහි භූමි ප්‍රමාණය හෙක්ටයාර 22 ක් බව සදහන් වුව ද එම ප්‍රමාණය ඉක්ම වූ වපසරියක මෙම පාෂාණය ව්‍යාප්තව ඇතැයි විශ්වාස කෙරේ.
දැනට ගණන් බලා ඇති පරිදි මෙම භූමියෙන් ලබා ගත හැකි සමස්ත පොස්පේට් ප්‍රමාණය ටොන් මිලියන 60 ක් බව කියැවේ. මෙම මහා සොබා සම්පත සොයාගෙන මේ වසරට හරියටම වසර 50 ක් සපිරේ. ලංකා පොස්පේට් සමාගම ආරම්භ කර ඇත්තේ භූමිය සොයාගෙන වසර 20 කට පමණපසුවයි. ඒ අනුව එප්පාවල පොස්පේට් සමාගමේ ඉතිහාසය වසර 30 කි.
දැනට සිදුවන නිෂ්පාදනය

නිධියෙන් කපා ගන්නා පස් වලින් පොස්පේට් පාෂාණය වෙන් කරගෙන ඒවා අඹරා කුඩු බවට පවත්කිරීමෙන් “ රොක් පොස්පේට් ‘‘ පොහොර නිෂ්පාදනය කිරීම මෙම සමාගම තුල දැනට සිදුවේ. එම පොහොර ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ බහුවාර්ෂික භෝග සඳහායි. අනෙකුත් භෝග වගාවන්ට මෙය යෙදීම සිදු නොවන්නේ රොක් පොස්පේට්කඩිනමින් ජලයේ දිය නොවන ස්වභාවයක් පැවැතිම හේතුවෙන්.
සාමාන්‍යයෙන් බහු වාර්ෂික භෝග සඳහා පොහොර යෙදීමේ දී අනෙකුත් පොහොර වර්ග සමග රොක්පොස්පේට් මිශ්‍ර කර යෙදීම තුලින් ඉහළ ප්‍රතිලාභ ලැබේ. මීට අමතරව කොම්පෝස්ට්පොහොර සැකසීමේ දී එහි ගුණාත්මක බව වැඩිදියුණු කිරීමට රොක් පොස්පේට්භාවිතයට ගැනීම සිදුවේ. දැනට මෙම සමාගම තුල දිනකට රොක් පොස්පේට් ටොන් 250ක් පමණ නිෂ්පාදනය කරයි. ශ්‍රී ලංකාව තුල රොක් පොස්පේට් සදහා පවතින ඉල්ලුමසපුරාලීමට සමාගම තුල සිදුවන නිෂ්පාදන ප්‍රමාණවත් බව එම සමාගමේ උසස් නිලධාරියෙක් පැවසුවේය.
වින්ද පාඩු හා ලබන ලාභ
වසර ගණනාවක් පාඩු ලබමින් තිබූ පොස්පේට් සමාගම වසර හතර කට පසුව වාර්තාගත මෙහෙයුම් ලාභයක් මෙම වසරේ ලබා ගෙන තිබේ. කොරෝනා සමයේ දී මාස දෙකක කාලයක් සමාගම වසා තැබීමට පියවර ගත්ත ද වෙනත් වසර වලට සාපේක්ෂව රොක් පොස්පේට් නිෂ්පාදනය 2020 වසරේ දී වැඩි වී තිබේ. පෙර වසරවල වාර්ෂික නිෂ්පාදනය ටොන්45000 ක් පමණ වුවත් එය පසුගිය වසරේ දී ටොන් 52000 දක්වා වැඩි වී තිබේ. එලෙසටොන් 7000 කින් පමණ නිෂ්පාදනය වැඩිකරගෙන ඇත්තේ කොරෝනා හේතුවෙන් මාස දෙකක් සමාගම වසා තැබීමට ද සිදු වූ පසුබිමකයි.
එමෙන්ම පොස්පේට් අලෙවිය දවෙනත් වසරවලට සාපේක්ෂව 2020 වසරේ දී සියයට 15% කින් පමණ වැඩි වී තිබේ .ගබඩාකර තිබූ රොක් පොස්පේට් ද සමග ගිය වසරේ දී අලෙවිකර ඇති පොහොර ප්‍රමාණය ටොන් 53000කි. එයින් ඉපයූ මුදල රුපියල් මිලියන 93 ක්. මේ හරහා වසර හතරක් මුළුල්ලේ පාඩු ලබමින් තිබූ මෙම සමාගම 2020 වසරේ දී වර්තාගත මෙහෙයුම් ලාභයක් ලබා ඇත. මින් පෙර රොක් පොස්පේට් ටොන් එකක් නිෂ්පාදනය කිරීම සදහා රුපියල් 11,500 ක් පමණ වැය වී තිබේ. එහෙත් ටොන් එකක් අලෙවිකර ඇත්තේ රුපියල් 11,000 ක මුදලකටයි. එම තත්ත්වය තුල සිදුව ඇත්තේ පාඩු ලැබීමකි. එහෙත් මෙහි නිෂ්පාදන පිරිවැය අඩුකරමින් වසරක් තුල කෙමෙන් ලාභ ලබන මට්ටමකට පැමිණ තිබීම සතුටට කරුණකි.
මෙලෙස ලාභයක් සටහන් කිරීමට හැකිව ඇති ප්‍රධානතම හේතුවක් ලෙස පාලනාධිකාරිය පෙන්වා දෙන්නේ වත්මන් පාලන තන්ත්‍රයෙන් අනවශ්‍ය දේශපාලන අතපෙවීම් වෙනුවට මනාව මෙය පවත්වා ගැනීමට දේශපාලන සහය ලබාදීම බවයි.

පොස්පේට් සමාගමේ අලුත් බලාපොරොත්තු
මෙරට පොහොර නිෂ්පාදනය සදහා ට්‍රිපල් සුපර් පොස්පේට් ආනයනය කිරීමට වසරකට රුපියල් බිලියන 8ත් 10ත් අතර මුදලක් වැය වේ. එම ක්‍රියාදාමය නවත්වා සාමාන්‍ය බෝග වගාවන්ට යෙදීමට හැකිවන පරිදි සිංගල් සුපර් පොස්පේට් මෙරටම නිෂ්පාදනය කිරීමපොස්පේට් සමාගමේ ප්‍රධානතම බලාපොරොත්තුව වී තිබේ. ඒ ඇරුණු කොට කෙටි කාලීන ඉලක්ක හැටියට දිනකට දැනට නිෂ්පාදනය කරන ටොන් 250 ක රොක්පොස්පේට් ප්‍රමාණය තවත් ටොන් ටොන් 150කින් වැඩිකිරීම නුදුරේදීම ඉටුකර ගැනීමඅපේකෂාවයි. විශේෂයෙන්ම 2022 වසරේ දී ටොන් 66000 ක් නිපදවිමේ බලාපොරොත්තුව පවතී.
එමෙන්ම ඉදිරියේ දී බහු වාර්ෂික බෝග සදහා පමණක් භාවිත කරන රොක්පොස්පේට් වලට අමතරව සාමාන්‍ය බෝග වගාවන්ට යෙදිය හැකි සිංගල් සුපර්පොස්පේට් නිපදවීමේ අරමුණින් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට හා යන්ත්‍ර සුත්‍ර සවිකිරීමට සැලසුම් කර තිබේ. එයට සක්‍යතා අධ්‍යයන මේ වන විටත් සිදුවන අතර එම කර්මාන්ත ශාලාව ද ආරම්භ කිරිමෙන් පසුව රොක් පොස්පේට් වාර්ෂික නිෂ්පාදනය ටොන් දෙලක්ෂ පනස්දහසක් දක්වා වැඩිකිරීමට සිදුවේ. එම ඉලක්කය සපුරාගත හොත්මෙරට සාමාන්‍ය බෝග වගාවට යෙදීම සදහා සිංගල් සුපර් පොස්පේට් අවශ්‍යතාවසපුරාලිය හැකියි.
එමෙන්ම ගොවියාට අඩු මුදලකට පොහොර ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම ද ඉදිරියේ දී නිර්මාණය වනු ඇති. දැනට භාවිත නොකරන යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කර භාවිතයට ගැනිමෙන් නිෂ්පාදන ධාරිතාව ද වැඩි කිරීමට බලාපොරොත්තු වේ . පොහොර නිෂ්පාදනයට අමතරව අගය එකතු කිරිමේ ක්‍රියාදාමයන් දියත් කිරීමෙන්
සෞඛ්‍ය අංශයට, සෙරමික් ක්ෂේත්‍රයට මෙන්ම සත්ත්ව ආහාර සැකසිම් ආදියට පවා පොස්පේට් මගින් ප්‍රයෝජන ලබා ගැනිමේ හැකියාව පවතින හෙයින් ඒ පිලිබදව ද පර්යේෂණාත්මක පසුබිමක් ඉදිරියේ දී නිර්මාණය වනු ඇති. මෙම නව ඉලක්ක සපුරා ගන්නා අතරතුර දී සෑම අතකින්ම මනා ප්‍රමිතියක් සහිත සමාගමක් බවට ලංකා පොස්පේට් සමාගම පත් කර ගැනිමේ උනන්දුව ද පලනාධිකාරිය තුළ පවතී. නුදුරු අනාගතයේ දී ම අයි.එස්.ඕ . 45000 සහ අයි.එස්.ඕ .9001 යන තත්ත්ව සහතික සමාගම වෙත ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවේ.
ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර, රජයේ ප්‍රවෘත්ති නිලධාරී
උපුටා ගැනීම – news.lk