සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ධුරය නුවන්ප‍්‍රිය ගුණවර්ධනට

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ තොරතුරු තාක්ෂණ ප‍්‍රධානි නුවන්ප‍්‍රිය ගුණවර්ධන මහතා ඉකුත් මාසයේදී එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස පත්වීම් ලැබීය. සමාගමේ ඩිජිටල්කරණ ක‍්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වගකීමෙන් යුතුව ක්‍රියා කල ගුණවර්ධන මහතා පසුගිය වසංගත සමයේ ආයතනයේ මෙහෙයුම් කටයුතු තාක්ෂණික ක්‍රමෝපායන් මාර්ගයෙන් අඛන්ඩව පවත්වාගෙන යාම සඳහා තම කණ්ඩායම සමඟ එක්ව කටයුතු කර තිබේ.

2020 මාර්තුවලින් පසුව සමස්ථ රට තුළ සංචරණ සීමා පැනවෙද්දි ඩිජිටල්කරණය සමාගම තුල මනාව ක‍්‍රියාත්මක වූ බැවින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයන්ට මෙන්ම සේවක මණ්ඩලයට එම කාලයේදී පහසුවෙන් සිය කටයුතු කිරීමට අවස්ථාව ලැබුණි. වසංගතයෙන් පසුව ආර්ථීකයේ ක‍්‍රමික වර්ධනයක් සිදු වීමේදී සාර්ථකව සේවා සැපයීමට ඩිජිටල්කරණය මහඟු පිටුවහලකි.

මම සණස ලයිෆ් ඉන්ෂුවරන් සමාගමට එක් වුණේ වර්ෂ 2006 දී තොරතුරු තාක්ෂණ විධායක නිළධාරියෙක් ලෙසයි. මට මූලික වශයෙන් පැවරුණේ සමාගමේ මාර්ගගත සම්බන්ධතා ජාලය පවත්වාගෙන යාම සහ එහි ආරක්ෂාව තහවුරු කිරීම. වෘත්තියට දැක්වූ ආශාව සහ කැපවීම නිසා ක‍්‍රම ක‍්‍රමයෙන් ඉදිරියට යන්න මට හැකියාව ලැබුණා. 2020 මාර්තුවලදී කොරෝනා පැතිරෙන්න පෙර සිටම ඩිජිටල්කරණ ක්‍රියාවලිය ආරම්භ කර තිබූ නිසා ව්‍යසන කාලයේදී සමාගමේ දෛනික කටයුතු වඩාත් හොඳින් කිරීමට හැකිවුණා. ආයතනයේ ඉදිරි ගමන වෙනුවෙන් ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයා ලෙස මගේ උපරිමය ලබාදෙන්න මම සුදානම්. සෑම විටම මට මඟපෙන්වනසමාගමට විශිෂ්ට නායකත්වයක් ලබා දෙන ප‍්‍රධාන විධායක නිලධාරි ඉන්දික කිරිවන්දෙණිය මහතාට මේ මොහොතේ මගේ කෘතවේදිත්වය පිරිනමන්න කැමතියි.” යනුවෙන් නුවන්ප‍්‍රිය ගුණවර්ධන මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *