මීට වසර 24 කට පෙර ආරම්භ කෙරණු SDB බැංකුව එදාමෙදා තුර සිය මූලික අභිලාෂය වූ සිය`ඵම තලයන්හි ශ්‍රී ලාංකික ජනතාවට දෙපයින් නැඟීමට උරදීම වෙනුවෙන් කැප වූ බැංකුවකි.
SDB බැංකුවේ මේ කැපවීම විදහා දක්වන නව ප්‍රචාරණ ව්‍යාපෘතිය පසුගියදා සිය`ඵ මාධ්‍ය හරහා දියත් කෙරුණු අතර එහි තේමාව වන්නේ ඔබව වටින (#WhereYouAreValued) යන්නයි.
මේ ප්‍රචාරණ ව්‍යාපෘතිය හරහා සමස්ත ශ්‍රී ලාංකික ජනතාව සහ විශේෂයෙන්ම සු`ඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟා සිටුවීම කෙරෙහි SDB බැංකුවේ කැපවීම සහ දැක්ම මෙන්ම පාරිභෝගිකයින්ට මුල් තැන දෙන බැංකුවේ ව්‍යාපාර ප්‍රවේශය පිළිබඳව සියුම් හා ළගන්නා සු`ඵ සන්නිවේදනයක් සිදු කරයි.
ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ 53% ක් තරම් ප්‍රමාණයකට දායකත්වය ලබා දෙන සු`ඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට අත්වැලක් වීම මෙන්ම කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සහ ශ්‍රී ලාංකීය මහජනතාව වෙත ඩිජිටල්කරණයේ උපරිම ප්‍රතිලාභ අත්පත් කරදීම SDB බැංකුවේ මූලික අරමුණුය. SDB බැංකුවේ මේ අරමුණ එහි ආයෝජකයින් විසින් නොපැකිළිව සහය ලබා දෙන, දිරිමත් කරන ඉලක්කයකි.
“මෑතකාලීනව SDB බැංකුව සිය ගමන් මගේ සුවිශේෂී සන්ධිස්ථාන රැසක් සළකුණු කළා. සම්පූර්ණයෙන් ඩිජිටල් මාධ්‍ය හරහා හිමිකම් නිකුතුවක් මෙන්ම ද්වීතියික කොටස් නිකුතුවක් සිදු කළ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත පළමු සමාගම බවට පත් වීම එයින් එක් වැදගත් අවස්ථාවක්. මේ නිකුතු දෙකටම සැපයුම අභිබවා ගිය ඉල්ලුමක් ලැබීමත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක්. මේ වැදගත් ජයග්‍රහණ වගේම ව්‍යාපාර මෙහෙයුම් වර්ධනය කිරීම නව තාක්ෂණය හඳුන්වාදීම දිවයින පුරා විසිරුණු ගනුදෙනුකරුවන් ජාලයකට කාර්යක්ෂමව සේවය සැපයීමට ඇති කැපවීම වැනි සාධක ගණනාවක් මත SDB බැංකුව ව්‍යවසායකයින් සවිමත් කිරීමේ මූලික අරමුණ ඉතා සාර්ථකව ඉටු කරගනිමින් සිටිනවා.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් SDB බැංකුවේ අලෙවි ප්‍රධානී හසිත සමරසිංහ මහතා පැවසීය.
කාන්තා ව්‍යවසායිකාවන්ගේ ශක්‍යතාව හොඳින් හඳුනන SDB බැංකුව විවිධ ක්‍රමවේදයන් හරහා ඔවුන් සවිබල ගන්වමින් උපරිම දායකත්වය ජාතික ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ලබා ගැනීමට කටයුතු කරයි. කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති මූල්‍ය නිෂ්පාදනවලට අමතරව ඔවුන් පුහුණු කිරීමේ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවත්වීම සහ මාර්ගෝපදේශනය සැපයීම SDB බැංකුව මේ වෙනුවෙන් සිදු කරන වැඩසටහන් කිහිපයක් වේ. මේ සම්බන්ධයෙන් SDB බැංකුව ලබා ඇති ජාත්‍යන්තර කීර්තිය මත මෑතකදී ඇමෙරිකා එක්සත් ජනපදයේ (DFC) ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ක ණය ප්‍රදානයක්ද හිමි වූ අතර එයින් 40% ක ප්‍රමාණයක් කාන්තා ව්‍යවාසායිකාවන් සවිබල ගැන්වීම වෙනුවෙන්ම වෙන් කර තිබීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.
සු`ඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ අවශ්‍යතාවයන් හඳුනාගනිමින් සහ අවබෝධ කරගනිමින් ඔවුන් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද විසඳුම් රාශියක් බැංකුව විසින් හඳුන්වා දී ඇති අතර ඒ සියල්ල හරහා ව්‍යවසායකයින්ගේ සැබෑ ශක්‍යතාවයන් බල ගන්වමින් ඔවුන්ගේ සාර්ථකත්වයට සවියක් වීමට SDB බැංකුවට හැකි වී ඇත.
ඒ අනුව ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතාවයන්ට සරිලන ආකාරයට නව වටිනාකම් එක්කළ සේවාවන් ඔවුන් වෙත හඳුන්වාදීමට SDB බැංකුව කටයුතු කර ඇති අතර වටිනාකම් දාමයන් වර්ධනය කිරීමේ සිට මූල්‍ය කළමනාකරණය දක්වා ව්‍යපාරයක් කළමනාකරණය කිරීමේ විවිධ අංශ පිළිබඳව ව්‍යවාසායක දැනුම වර්ධනය කරන වැඩසටහන් මෙයට කදිම උදාහරණ වේ. මෙවැන් වැඩසටහන් සඳහා SDB බැංකුව වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය වැනි ආයතන සමඟ ඒකාබද්ධව කටයුතු කරයි.
ඩිජිටල්කරණය ප්‍රතිලාභ ජනතාව අතර බෙදා හැරීමේ ජාතික කාර්යයේ ප්‍රමුඛ මෙහෙවරක් SDB බැංකුව විසින් ඉටු කරන අතර ශ්‍රී ලංකා මහබැංකුව හා එක්ව කාර්යක්ෂම හා ආරක්ෂිත ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් වන LANKAQR ප්‍රවර්ධනය කිරීම සඳහා බැංකුව ඉටු කර ඇති කාර්යභාරය ඊට උදාහරණ සපයයි. ඊට අමතරව SDB බැංකුව සිය ජංගම දුරකතන ගෙවීම් යෙදවුම වන ඹඡ්හ හරහා සිය ගනුදෙනුකරුවන් හට ඩිජිටල් ගනුදෙනුවල පහසුව ලබාදීමට දැවැන්ත කාර්යභාරයක් සිදු කර ඇත.
ශක්තිමත් ආර්ථිකයක් බිහි කිරීම සඳහා තිරසාරත්වයේ ඇති වැදගත්කම හොඳින් හඳුනන SDB බැංකුව තිරසාරත්වය ඉලක්ක කරගත් පියවර රැසක් ගෙන ඇත. සිය ශාඛාවන් තුළ බලශක්ති පරිභෝජනය අවම කිරීමේ සිට ගනුදෙනුකරුවන් ඩිජිටල් බැංකුකරණය වෙත යොමු කරමින් අනවශ්‍ය ප්‍රවාහනය අවම කිරීම සහ විකල්ප බලශක්ති ව්‍යාපෘති සඳහා විශේෂ මූල්‍ය පහසුකම් සැපයීම දක්වා පු`ඵල් පරාසයක පියවර මේ සම්බන්ධයෙන් ගෙනහැර දැක්විය හැකි උදාහරණ වේ.
SDB බැංකුව ක්ෂේත්‍රයේ අනෙකුත් ආයතන අතර කැපී පෙනෙන මූලික හේතු වන්නේ එහි මූලික අභිලාෂය. එය සාක්ෂාත් කරගැනීම සඳහා වන ව්‍යාපාර මෙහෙයුම් වල විශිෂ්ටතාවය සහ තාක්ෂණය පෙරදැරි කරගත් වර්ධනයයි. ලාභයට වඩා ප්‍රතිපත්ති මත කේන්ද්‍ර වූ මේ ව්‍යාපාර ප්‍රවේශය නිසා එහි ගනුදෙනුකරුට හිමි වන්නේ ඔහුගේ හෝ ඇයගේ හැකියාවට/ශක්‍යතාවය කෙරෙහි ගෞරවයෙන් කෙරෙන හෘදයාංගම ඇගයීමකි. ඔබව වටින යන තේමා පාඨය SDB බැංකුවේ ආයතනික ප්‍රචාරණ වැඩසටහනෙහි හරය හොඳින්ම ගෙනහැර පාන වදන් එකතුවක් වන්නේ එබැවිනි.