මූල්‍ය වාර්තාකරණයේ සවිස්තරාත්මක තොරතුරක් නොමැති වීමෙන් ගෝලීය කාබන් විමෝචන ඉලක්ක සපුරාලීමේ සමාගම්වල අවස්ථා නාටකාකාර ලෙස අඩු වන බව පර්යේෂකයෝ අනතුරු අඟවා තිබේ.
මෙම තත්ත්වය තුළ අදාළ සමාගම් තිරසාර ක්‍රියාකාරකම් සඳහා මුදල් යොදවන්නේ දැයි දැන ගැනීමට ක්‍රමයක් නොමැති බව Carbon Tracker වෙබ් අඩවිය පැවසීය.
(කාබන් ට්‍රැකර් Carbon Tracker යනු ප්‍රාග්ධන වෙළෙඳපොළ කෙරෙහි බලශක්ති සංක්‍රාන්තියේ බලපෑම සහ අධික පිරිවැය, කාබන් අධික පොසිල ඉන්ධන සඳහා කළ හැකි ආයෝඡනය පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් සිදු කරන ස්වාධීන මූල්‍ය චින්තන එකතුවකි -(independent financial think tank ) අඩු කාබන් අනාගතයක් සඳහා යන මාවතේ ආයෝඡකයින්ගේ අවදානම සහ අවස්ථාව යන දෙකම සිතියම් ගත කිරීම සඳහා එහි මුල්‍ය වෙළඳපොල, බලශක්ති සහ නීති විශාරදයින්ගේ කණ්ඩායම ප්‍රමුඛ කර්මාන්ත දත්ත සමුදායන් උපයෝගී කරගනිමින් පර්යේෂණ සිදු කරති. එය “කාබන් බුබුල carbon bubble”, “දහනය කළ නොහැකි කාබන් unburnable carbon ” සහ “අතරමං වූ වත්කම් stranded assets” යන වචන මුල්‍ය හා පාරිසරික ශබ්ද කෝෂය තුළ තහවුරු කර තිබේ)
තිරසාර ඉලක්කයන්ට කෙසේ කෙසේ පහර දෙනු ඇත්ද යන්න පිළිබඳව සමාගම් වඩාත් විනිවිදභාවයෙන් කටයුතු කළ යුතු බව Carbon Tracker පවසයි.
දේශගුණික අවදානම
කාබන් බහුල අංශයන්හි වැඩ කරන ගෝලීය ව්‍යාපාර 107ක අධ්‍යයනයක දී පර්යේෂකයෝ පැවසුවේ “මූල්‍ය වාර්තාකරණයේ දී දේශගුණික අවදානම් පැහැදිලිව පෙනෙන්නට නොතිබූ” බව ය.
අධ්‍යයනය කළ සමාගම් වලින් 70% කට වඩා වැඩි ප්‍රමාණයක් තම මූල්‍ය ප්‍රකාශන වලට දේශගුණික බලපෑම් (climate impact) ඇතුළත් කිරීමට අපොහොසත් විය.
මේ අනුව කාබන් ශුද්ධ ශුන්‍ය ඉලක්ක සඳහා වූ සැලසුම් සහ දේශගුණික අවදානම් සීමා කිරීම ද මඟ හැරිණි.
මෙම සමාගම් වල විගණන 10 න් 8 ක්ම දේශගුණික අවදානම තක්සේරු කළ බවට කිසිදු සාක්ෂියක් නොපෙන්වයි.
තෙල් හා ගෑස් සමාගම් වල සිට ඉදිකිරීම්, කාර් නිෂ්පාදකයින් සහ ගුවන් සේවා දක්වා ලැයිස්තුගත සමාගම් 107ක මූල්‍ය ප්‍රකාශන 202ක් පර්යේෂකයින් විසින් ඇගයීමට ලක් කරන ලදී.
ස්වාධීන පුණ්‍යායතන කණ්ඩායම් විසින් අරමුදල් සපයනු ලබන කාබන් ට්‍රැකර් Carbon Tracker සහ දේශගුණික ගිණුම්කරණ ව්‍යාපෘතිය Climate Accounting Project (CAP) විසින් සිදු කරන ලද අධ්‍යයනයෙන් කියා සිටියේ ඔවුන්ගේ මූල්‍ය වාර්තාකරණයේ විස්තර නොමැතිකම ගෝලීය කාබන් විමෝචන ඉලක්ක සපුරා ගැනීමේ අවස්ථා නාටකාකාර ලෙස අඩු කරන බවයි.
පර්යේෂකයන් විසින් සොයා ගන්නා ලද කිසිදු ගිණුමක් පැරිස් සම්මුතිය මගින් පරාවර්තනය නොකළ බව සොයා ගත්හ. ( පැරිස් සම්මුතිය යනු ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5 නොඉක්මවීම අරමුණු කරගත් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුමකි)
“මෙම තොරතුරුවල හිඟකම නිසා තිරසාර නොවන ව්‍යාපාර සඳහා මුදල් වෙන් කරන්නේ දැයි අපි නොදනිමු, එමඟින් අපේ පැරීස් සම්මුතියේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඉතිරිව ඇති කෙටි කාලය තුළදී කාබනීකරණය වීමේ අවස්ථා තවදුරටත් අඩු වේ” යනුවෙන් අධ්‍යයනයේ කර්තෘවරිය වන ඩේවිඩ්සන් මහත්මිය පැවසුවාය.
පර්යේෂණ වාර්තාව විසින් කාබන් විමෝචන ඉලක්ක සහ දේශගුණික උපාය මාර්ග නිවේදනය කරන සමාගම් අතර නොගැලපීම් හඳුනා ගත් නමුත් මෙම ඉලක්ක ඔවුන්ගේ මූල්‍ය ප්‍රකාශන සඳහා කෙසේ බලපායිද යන්න සඳහන් නොකරයි.
“හෙළිදරව් කිරීමේ මට්ටමක් තිබිය යුතු අතර එමඟින් ඔවුන් මෙම ඉලක්ක සපුරා ගන්නේ කෙසේදැයි අපි දනිමු. සමාගම්වලට මෙම ඉලක්ක තැබීම ඉතා වැදගත් වන නමුත් අවදානම් අවබෝධ කර නොගෙන ඔවුන් කෙසේ ක්‍රියාත්මක වනවා දැයි දැන ගැනීමට අපහසුය‘‘
කෙසේ වෙතත්, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඇන්ඩි මේයර් පැවසුවේ “මෙය තොරතුරු අතහැර දැමීම ගැන කිසිසේත් පුදුම විය යුතු නැති” බවයි.
“එක්සත් රාජධානියේ සමාගම් සිය වාර්ෂික වාර්තාවල දේශගුණික අවදානම් පිළිබඳ ඔවුන්ගේ සංජානනය වාර්තා කිරීම අවශ්‍ය නොවේ,” ඔහු පැවසීය.
“ආයෝඡකයින්ට වාර්තාවල දේශගුණික අවදානම් තොරතුරු වඩාත් අවංකව අවශ්‍ය නම් ඔවුන් එය ආයෝඡනය කර සමාගම් ලබා නොදී දඩුවම් කරනු ඇත.”
ආයෝජකයින්ට අවශ්‍ය දත්ත ලබා දී නැත ‘
ආයෝජකයින් සමඟ සමීපව කටයුතු කරන එක්සත් ජනපද සංවිධානයක් වන සෙරීස් හි ආයතනික දේශගුණික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ට්රේසි කැමරන් මෙසේ පැවසීය: “ආයෝඡකයින්ට අවදානම් ගණනය කරමින් අවදානම් තීරණ ගැනීමට අවශ්‍ය දත්ත ලබා නොදේ.
“බොහෝ අවස්ථාවන්හීදී, එම දත්ත පවතින නමුත් එය අගුළු දමා ඇති අතර එහි යතුර ඇත්තේ සමාගම් සහ විගණකවරුන් වෙත පමණි‘‘
ඩෙලොයිට් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ වර්තමාන ගිණුම්කරණ හා විගණන ප්‍රමිතීන්ට අනුව, සමාගම් සහ විගණකවරුන් විසින් PRI වාර්තාවෙන් ඉල්ලා සිටින ආකාරයේ තොරතුරු සහ මතයන් නිකුත් කිරීම අවශ්‍ය නොවන අතර වර්තමාන නීති යටතේ එවැනි අදහස් ප්‍රකාශ කිරීමට අවසර නොදෙන අවස්ථා තිබිය හැකි බවයි‘‘
2019 සහ 2020 දී ගෝලීය ගිණුම්කරණ හා විගණන ප්‍රමිති සකසන්නන් පැවසුවේ ගිණුම් හෝ විගණන වලදී දේශගුණය හා සම්බන්ධ අවදානම් නොසලකා හැරිය යුතු නැති බවයි.
ජාත්‍යන්තර විගණන හා සහතික ප්‍රමිති මණ්ඩලය පැවසුවේ, “දේශගුණික විපර්යාසයන් ආයතනයට බලපාන්නේ නම් මූල්‍ය ප්‍රකාශන මගින් මෙය සුදුසු පරිදි පිළිබිඹු වේදැයි විගණකාධිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවයි‘‘
බී.බී.සී ඇසුරිනි