ඉහළ ඡායාරූපය – 2000 දී ඇන්ටාක්ටිකාවේ ඕසෝන් සිදුර
1987 දී ඕසෝන් ක්ෂය කරන රසායනික ද්‍රව්‍ය සඳහා ලොව පුරා පනවා තිබූ තහනම අද දේශගුණික ව්‍යසනයක් වළක්වා ගැනීමට සමත් වූ බව විද්‍යාඥයෝ පවසති.
ක්ලෝරොෆ්ලෝරෝකාබන් (chlorofluorocarbons) භාවිතයට සීමා පනවමින් 1987දී අත්සන් කරන ලද මොන්ට්‍රියල් සම්මුතිය නොවුණේ නම් පෘථිවිය සහ එහි වෘක්ෂලතා සූර්යයාගේ පාරජම්බුල කිරණවලට බොහෝ දුරට නිරාවරණය වීමට ඉඩ තිබුණ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් කොෆි අනන් එය හැඳින්වූයේ “සමහර විට වඩාත්ම සාර්‍ථක ජාත්‍යන්තර ගිවිසුම” ලෙස ය.
ක්ලෝරෝෆ්ලෝරෝකාබන් (CFC) අඛණ්ඩව භාවිතා කිරීම සහ වැඩි කිරීම මෙම සියවස අවසානයේදී ගෝලීය වායු උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.5 ට වඩා වැඩියෙන් ඉහළ යාමට දායක වනු ඇතැයි ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායම සොයා ගත්හ. එයින් කොටසක් සෘජුවම හරිතාගාර වායූන් වන සීඑෆ්සී මගින් ඇති වීමට ඉඩ තිබුණි.
නමුත් ඕසෝන් ස්ථරයට ක්ලෝරොෆ්ලෝරෝකාබන් කරන හානිය නිසා දැනට පෘථිවිය උණුසුම් කරන කාබන් ඩයොක්සයිඩ් (දැනට වෘක්ෂලතා වල සිරවී ඇති අතිරේක) වායුගෝලයට මුදා හරිනු ඇත.

විද්‍යාඥයින් ඇස්තමේන්තු කළේ:
- කාබන් ටොන් බිලියන 580ක් පමණ වනාන්තර, අනෙකුත් වෘක්ෂලතාදිය හා පස් වල ගබඩා කර ඇත
- වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මිලියනයකට (40-50%) අමතර කොටස් 165-215
“හරිතාගාර වායුව වැඩිවීමෙන් අපට ලැබෙන ඕනෑම උණුසුමට වඩා අතිරේක සෙල්සියස් අංශක 2.5 උණුසුම් වීමක් අපේ ‘ලෝකය මඟහැරිය අත්හදා බැලීම’ තුළින් අපට දැක ගත හැකිය,” ආචාර්ය යන්ග් පැවසීය.
නමුත් හරිතාගාර වායු විමෝචනය සීමා කිරීම සඳහා වූ සමාන සාමූහික ක්‍රියාමාර්ග වඩාත් අභියෝගාත්මක විය හැකිය.
“විද්‍යාවට සවන් දී ක්‍රියා කර ඇත – දේශගුණික විපර්යාස අපි ඒ තරමටම දැක නැත” යනුවෙන් ඔහු පැවසීය.
බී.බී.සී ඇසුරිණි