අපි මෙම ගැටලුවේ පාර්ශවකරුවන් නොවන නමුත් විසඳුමේ කොටස් කරුවන් වීමට සූදානම් – ඉන්දීය පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ අමාත්‍ය භූපේන්දර් යාදව්
දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් වැදීම ගෝලීය අභියෝගයක් බව ඉන්දීය පරිසර හා දේශගුණික අමාත්‍ය භූපේන්දර් යාදව් ප්‍රකාශ කළ බැව indianewsnetwork වාර්තාවක සදහන් වේ.

අපගේ ප්‍රතිචාරය පදනම් විය යුතු මූලික සිද්ධාන්තය නම් සාධාරණත්වය සමරූපීතාවය වගවීම පිළිබඳ මූලධර්ම මත සිට බව හෙතෙම වැඩිදුරටත් පැවසීය
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බිඩෙන් විසින් පාහේ කැඳවනු ලැබූ බලශක්තිය හා දේශගුණය පිළිබඳව ප්‍රධාන ආර්ථික සමුළුවේදී මාර්ගගත ක්‍රමයට සිය අදහස් දක්වමිනි
ලෝක ජනගහනයෙන් ඉන්දියාව 17% කොටසක් නියෝජනය කරන නමුත් සමුච්චිත ඓතිහාසික විමෝචනයෙදී ඉන්දීය පංගුව 4% පමණ වන බව අමාත්‍යවරයා සඳහන් කළේය. වර්තමාන වාර්ෂික විමෝචනය පවා ගෝලීය විමෝචනයෙන් 5.2% ක් පමණි. ඒක පුද්ගල විමෝචනය ගෝලීය සාමාන්‍ය විමෝචනයෙන් තුනෙන් එකක් පමණ බව හේ පැවසීය
“අපි මෙම ගැටලුවේ පාර්ශවකරුවන් නොවන බව පැහැදිලි නමුත් දේශගුණික අර්බුදයට විසඳුම් සෙවීමේදී සාධනීය කොටස්කරුවෙකු වීමට අපට නිතැතින්ම අවශ්‍යය.” අමාත්‍යවරයා අවධාරණය කළේය
පැරිස් ගිවිසුම ප්‍රකාරව 2030 වර්ෂය වන විට ඉන්දියාවේ අභිලාෂය පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ගිගාවොට් 450ක ඉලක්කය පසු කිරීමට බව හෙතෙම අවධාරණය කළේය.
මෙම සන්දර්භය තුළ, ජාත්‍යන්තර සූර්ය සන්ධානය තුළින් සාමාජික රටවල සහයෝගීතා ස්වභාවය මත පදනම්ව ඉන්දියාවේ සූර්ය ධාරිතාව පසුගිය වසර හය තුළ පහළොස් ගුණයකින් ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර සූර්ය සන්ධානයේ මූලස්ථානය ඉන්දියාවේ ගුරුග්‍රෑම් හි පිහිටා ඇත. එක්සත් ජාතීන්ගේ රටවල් 124ක සාමාජිකත්වය හිමි මෙම සන්ධානය 2015 වර්ෂයේ දී පිහිටුවනු ලැබීය.
දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා සාමූහික අභිප්‍රායන් සහ නිශ්චිත ක්‍රියාමාර්ග සඳහා ගෝලීය එකමුතු භාවය ද අවශ්‍ය බව පැවසීය.
“ලෝකයට දුරස්තර ඉලක්ක වලට වඩා වේගවත්, තිරසාර හා ගැඹුරු විමෝචන කප්පාදුවක් අවශ්‍යයි”-අමාත්‍ය භූපේන්දර් යාදව්
පැරිස් ගිවිසුමේ උෂ්ණත්ව ඉලක්කය ලඟාවීමට සහයෝගීතාවයෙන් හා සහයෝගයෙන් ගෝලීය උත්සාහයන් අවශ්‍ය බව ඔහු පැවසීය.
පාරිසරික, වන හා දේශගුණික විපර්යාස අමාත්‍යාංශයට අනුව, 202 අප්‍රේල් මාසයේදී පවත්වන ලද දේශගුණය පිළිබඳ නායකයින්ගේ සමුළුව මත ගොඩනඟන ලද මාර්ගගත හමුව.COP26 ට පෙර සංවාදය සහ සාකච්ඡාව තුළින් සම්මුතියක් ඇති කර ගැනීම ඉදිරි වසරවල දේශගුණික ප්‍රයත්නයන් සඳහා පූර්වාදර්ශයක් සැපයීම සඳහා එහි අරමුණ විය.