දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දෙවැනි දිනට 10 දා විවෘත කර තැබීමත් සමඟ එළවළු මිලදී ගැනීම සහ අලෙවි කිරීමට පැමිණිණෙන පිරිස් යම් මට්ටමකින් අඩු වී වෙළෙද පොළ මිල ගණන් මධ්‍යස්ථ මට්ටමක පැවති බව වෙළෙන්දෝ පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දේශීය ලොකුළූණු සඳහා වැඩි ඉල්ලුමක් පැවති අතර දේශීය ලොකුලූනු කිලෝවක තොග මිල රුපියල් 120 – 130 දක්වා පවතින බවත් ගොවි ජනතාව පවසති.

පසුගියදා දේශීය ලොකුලූණු තොග අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන අවස්ථාවේ රජය විදේශීය ලොකුලූණු ආනයනය කිරීමේදී කිලෝවකට රුපියල් 40ක බදු මුදලක් අය කිරීම්ත් සමග තමන්ට ඉහළ මිලක් ලැබෙන බව දේශීය ලොකු ලූණු ගොවියෝ පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු සිදුකරගෙන යන සේවකයන් දැඩි අසීරුතාවයකට පත්ව ඇත්තේ එක දිගටම පැය ගණනාවක් සේවය කිරීම නිසා බවත් කෙසේ වෙතත් රටේ අවශ්‍යතාවය වෙනුවෙන් අත්‍යාවශ්‍ය එළවළු ප්‍රවාහනයට ඔවුන් දැඩි කැප කැපකිරීමක් කරන බවත් පෙනේ.
ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිට අද දින ද යම් ප්‍රමාණයක් එළවළු ලොරි රථ ඇතුළත් කර ගැනීමට නොහැකිව පෝලිම් වල තිබෙන අයුරු දැක ගැනීමට හැකි වූ අතර එළවළු මිල ද යම් මට්ටමකින් පහත වැටෙමින් පැවැතිණි.

ඒ අනුව කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබී තිබූ බෝංචි, කැරට්, ලීක්ස්, මාළුමිරිස්, තක්කාලි ආදී කිලෝවක තොග මිල රුපියල් 90- 170 දක්වා මිල ගණන් යටතේ මෙදින අලෙවි වූ අතර පහතරට එළවළු කැකිරි, පිපිඤ්ඤා, බීට්රූට්, හැරෙන්නට අනෙකුත් සියලු එළවළු වර්ග කිලෝව රුපියල් 60- 120 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වීම විශේෂත්වයකි
පෙරදිනට සාපේක්ෂව එළවලළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් ගේ යම් කිසි අඩුවක් මේ දින පැවැති අතර එළවළු අස්වැන්න රැගෙන එන ගොවීන්ගේ ද යම් අඩුවක් පැවැතිණි
පෙර දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළත් වෙද්දී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳව වැඩි අවධානයක් යොමුකර තිබිණි. එහෙත් කළමණාකරන භාරයේ කිසිදු අයෙකුගේ එවැනි උනන්දුවක් දැක ගැනීමට මේ දිනවල නොහැකි බව වෙළෙන්දෝ පවසති.
එනම් නිතර නිතර සෞඛ්‍ය පුරුදු පිළිබඳ ශබ්ද විකාශන හරහා දැනුවත් කිරීම් ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළුවන සෑම අයකුගේම ශරීරයේ උෂ්ණත්වය පරික්ෂා පරීක්ෂාකර බැලීම දෑත් සේදීම මෙන්ම වාහන නවතා තැබීම මධ්‍යස්ථානය ඇතුළත එළවළු කළමනාකරණයකින් යුතුව දුරස්ථභාවය තබාගෙන අලෙවි කිරීම ආදී සෞඛ්‍ය පුරුදු රැසක් ක්‍රියාත්මක කරන ලෙස මාතලේ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව උපදෙස් ලබා දී තිබුණු අතර එම ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇතැයි වෙළෙඳුන් පෙන්වා දෙති.
මුහුණු ආවරණ පැළඳීම යම් මට්ටමකින් අඩුවක් පැවතියද එය බොහෝ දෙනෙකු සිදු කරන අයුරුද දැක ගැනීමට හැකි විය.
සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාය – දඹුල්ල