ඉන්දියාවේ සිට ගුවනින් තවත් නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයක් මෙරටට

මෙවර මහ කන්නය සඳහා භාවිතා කිරීමට ඉන්දියාවෙන් ආනයනය කළ තවත් නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර ලීටර් 145,152ක් අද (04) අළුයම ගුවන් මගින් මෙරටට රැගෙන එන ලදී.

හදිසි අවශ්‍යතාවක් සේ සලකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පොහොර තොගය ගෙන්වීමට පියවර ගැනිණ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව කළ ඉල්ලීමකට අනුව ඉන්දියානු ගුවන් හමුදාවේ අනුග්‍රහයෙන් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මෙම දියර පොහොර තොගය
ශ්‍රී ලංකාවට නොමිලේ ගුවන් මගින් ප්‍රවාහනය කිරීමට පියවර ගැනීම විශේෂත්වයකි.

අද (04) අළුයම මෙම පොහොර තොගය රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානා දෙක කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

මෙම නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාව වෙත ලබාදීමට පියවර ගැනේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *