2021/22 මහ කන්නය සදහා අවශ්‍ය කාබනික පොහොර දේශීය නිෂ්පාදකයින්ගෙන් මිලදී ගැනීම සදහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පසුගිය 23 වැනිදා රැස් වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
පසුගිය 23 වැනිදා කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වේ.
එම නිවේදනයේ මෙසේද සදහන් වේ, ‘‘2021.07.08 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දී ඇති අනුමැතිය පරිදි 2021/22 මහ කන්නය සදහා අවශ්‍ය කාබනික පොහොර දේශීය නිෂ්පාදකයින්ගෙන් මිලදී ගැනීම සදහා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බලපත්‍රලාභී දේශීය පොහොර නිෂ්පාදකයින් වෙතින් මිල ගණන් කැදවා ඇත.
ඒ අනුව, සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සදහා අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණයන් සපයා ගැනීම සදහා වන ප්‍රසම්පාදනයන්, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි තෝරාගත් දේශීය කාබනික පොහොර නිෂ්පාදකයින් වෙත පිරිනැමීම පිණිස කෘෂිකර්ම අමත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි‘‘