කාබනික වගාවට ජපානයේ සහය

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජාතික කාබනික කෘෂිකර්මාන්ත වැඩ පිළිවෙලට ජපානයේ කාබනික පොහොර නිෂ්පාදන ආයතන සහයෝගය ලබා දීමට කැමැත්ත පලකර තිබේ.

ඔවුන් මෙසේ පවසා ඇත්තේ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජපානයේ, ශිෂෝකා පළාතේ, ෆුජී නගරයේ කවකූමිතෝ පිහිටි නගර කාබනික නිෂ්පාදන කොම්පෝස්ට් ව්‍යාපෘතියක් අධ්‍යනය කිරීමෙන් පසු ආයතනයේ ප්‍රධානීන් සමඟ සිදුකල සාකච්ඡාවකින් අනතුරුවය.

ශාක කොටස් හා ගොම එක්කරමින් මහා පරිමාණ ලෙස කාබනික පොහොර නිෂ්පාදනය සිදු කරන අතර එහි නයිට්‍රජන් ප්‍රතිශතය සියයට හතරක් (4%) බවත් එය වගාවන් සදහා ඉතා හොඳ තත්වයක් බවත් පවසා සිටී. මොවුන් මේ සඳහා ගව අපද්‍රව්‍ය මූලිකව යොදාගනී.

එම ආයතනය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික වගාවන් සඳහා දැනුම ලබා දීමටත්, තාක්ෂණය ලබා දීමටත්, කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය සහය ලබා දීමටත් එකඟතාවය පලකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *