ලෝක බැංකුවේ කෘෂි විශේෂඥවරයා ලෙස මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඉමහත් සේවාවක් සිදු කළ ඇන්ඩෘ ගුඩ්ලන්ඩ් මහතා සේවාවෙන් සමු ගැනීමට පෙර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමු විය. එමෙන්ම ලෝක බැංකුව නම්කර ඇති නව නියෝජිතයා වූ ජෝන හයිසර් මහතා අමාත්‍යවරයා වෙත හඳුන්වාදීම ද එහි දී සිදුවිය.
ඇන්ඩෘ මහතා මෙරට සිටි කාලය තුළ මෙරට කෘෂිකර්ම ක්ෂෙත්‍රයට සිදු කළ සේවාව අගය කළ අමාත්‍යවරයා නව නියෝජිත ජෝන් හයිසර් මහතා ද එලෙසම මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා සහය දෙනු ඇති බවට විශ්වාසය පළ කළේය.
ලෝක බැංකුවේ සහය ඇතිව මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රගතියක් ඇති කිරීම සම්බන්ධයෙන් ද මෙම හමුවේදී දෙපාර්ශවයේ අවධානය යොමු විය.