ජාත්‍යන්තර තැපැල් දිනය නිමිත්තෙන් ශාක නීරෝධායන මධ්‍යස්ථානයක් තැපැල් දෙපාර්තමේන්තු පරිශ‍්‍රයේදී ඊයේ (9) ආරම්භ කරනු ලැබීය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා හා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අතින් විවෘත කෙරුණු මෙම මධ්‍යස්ථානය වරාය හා ගුවන් තොටුපළට පරිබාහිරව ආරම්භ කළ පළමු ශාක නිරෝධායන මධ්‍යස්ථානය ලෙසද සැලකේ. මෙම මධ්‍යස්ථානය පිහිටුවා ගැනීමෙන් තැපැල් මඟින් මෙරටට ගෙන්වනු ලබන බීජ හා ශාක පැලෑටි ඇතුලු කෘෂිකාර්මික අමුද්‍රව්‍ය කඩිනමින් පරික්ෂාවට ලක්කර ශාක සත්ත්ව හෝ භූමියට අහිතකර නොවන දෑ කඩිනමින් මුදා හැරිමට හැකි වීම කෘෂි ව්‍යවසායකයින්ට මහත් අස්වැසිල්ලක් බව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
නව මධ්‍යස්ථානය පිහිටු වීමෙන් කිසිදු ආකාරයකින් මෙරටේ ශාකවලට සත්ත්වයින්ට හෝ භූමියට අහිතකර කිසිවක් රටට ඇතුල් කීරීමට අවස්ථාවක් නොමැති බවද අලුත්ගමගේ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා, තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.