දඹුල්ලට එළවළු කිලෝ ලක්ෂ 50ක් – මිල ගණන් මධ්‍යස්ථයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු කිලෝ ලක්ෂ 50කටආසන්න ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් සෑම එළවළුවක් සදහාම මධ්‍යස්ථ මිලක් පවතින බවත් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය එළවළු තොග වෙළදාම සඳහා අද (28) දින විවෘත කිරීමත් සමඟ  මධ්‍යම රාත්‍රියේ සිට විශාල වශයෙන් එළවළු තොග ලැබුණු බව ද එළවළු මිලදී ගැනීම සදහා ද ව්‍යාපාරිකයින් විශාල පිරිසක් පැමිණ සිටි බව ද ඔවුහු සදහන් කළහ.

මේ අතර එළවළු තොග වෙළෙදාම සදහා පමණක් අද (28) සහ හෙට (29) දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *