දියර කිරි ලීටරයක් සඳහා කිරි ගොවීන්ට ගෙවන මුදල රුපියල් හතකින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පැවසීය.
නොවැම්බර් පළමුවෙනිදා සිට නව තීන්දුව ක්‍රියාත්මක වන බව වික්‍රමසිංහ මහතා පැවසුවේය.
දේශීය කිරිපිටි මිල වැඩි කිරීමට මිල්කෝ සමාගම සහ පැල්වත්ත යන සමාගම් කටයුතු කිරීමත් සමඟ දියර කිරි ලීටරක් සඳහා දෙන මුදල ප්‍රමාණවත් නොවන බවට කිරි ගොවීන් සිදු කළ ඉල්ලීම් අනුව මෙම මුදල වැඩිකිරීමට තීරණය කළ බව මිල්කෝ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරන්නේ කිරි ලීටරයකට ගෙවන මිල රුපියල් හතකින් ඉහළ දැමීම ප්‍රමාණවත් නොවන අතර කිරි ලිටරයක අවම මිල රුපියල් 120ක් දක්වා හෝ ඉහළ දැමිය යුතු බවයි.