අඩු මිලට වී මිලදී ගෙන නීතිවිරෝධී ලෙස ගබඩා කර ඇති සියලුම වී තොග රාජ්‍ය සන්තක කර සහල් කිලෝව රු.97 බැගින් ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද ( 01 ) පෙරවරුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘති රැසක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදීය.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා දැනට නීතිවිරෝධීව ගබඩා කර තිබෙන සීනි තොග ද රජයට පවරාගෙන සීනි කිලෝව රු.130ට අඩුවෙන් ජනතාවට ලබාදීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කාබනික කෘමිනාශක, දිලීරනාශක සහ වල්නාශක මෙන්ම කාබනික පොහොර ආනයනය කිරීමට පෞද්ගලික වෙළඳුන්ට අවස්ථාව ලබාදී ඇති බැවින් එවැනි රසායනික ද්‍රව්‍යවල හිඟයක් ඇති නොවන බවද සඳහන් කළේය.