නුවරඑළියේ එළවළු අඛණ්ඩව රට පුරා බෙදා හැරීමේ වැඩපිළිවෙළ සාර්ථකව තව දුරටත්

දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ලබන 06 වැනිදා දක්වා නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබුණ ද  නුවරඑළිය ගොවි ජනතාවගේ නිෂ්පාදන බාධාවකින් තොරව රට පුරා බෙදාහැරීම සඳහා නුවරඑළිය  විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය මගින් වැඩපිළිවෙළක් සකසා ඇති බව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි. 

මෙම වැඩපිළිවෙළ අනුව පසුගියදා උඩරට එළවළු කිලෝ 150,000කට වැඩි ප්‍රමාණයක් දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරීම සිදුකර ඇති බවත්, මේ දිනවලත් එවැනීම ප්‍රමාණයක් බෙදාහාරීමට හැකිවනු ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් පැවසීය. 

‘ඉදිරියේ දි ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම සඳහා රජය දෙන උපදෙස්වලට අනුව කටයුතු කරමින් අඛණ්ඩව එළවළු බෙදාහැරීම සිදු කිරීමට කටයුතු කරන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *