ශ්‍රී ලංකාවට සියලුම පොහොර ගෙන්වන්නේ පොහොර පනතට අනුව අදාළ ප්‍රමිතියට අනුකූල නම් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (27) කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද මේ සාකච්ඡාවකට සහභාගී විය.
විදේශයක සිට ගෙන්වන ඕනෑම පොහොර වර්ගයක් රටට ඇතුළු කර ගන්නේ සාම්ප්‍රදායික නීතියට අනුව බවට වගකීමෙන් අවධාරණය කරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළ අතර ලබන නොවැම්බර 5 ත් 10 ත් අතර දිනවල ගොවිජන සේවා මධ්‍යස්ථානවලට සියලුම පොහොර ලබා දෙන්නට හැකි වනු ඇති බව ද කීවේය.
දේශීයව නිෂ්පාදනය කරන කාබනික කොම්පෝස්ට් පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථානවලට ලබා දෙමින් සිටින අතර ජෛව දියවර දියර පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් බෙදා හරිමින් සිටින බව කී අමාත්‍යවරයා මේ වන විට අම්පාරේ සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට අවශ්‍ය පොහොර ලැබෙන්නට සලස්වා තිබෙන බවද සඳහන් කළේය.