රට තුළ පවතන අධික සහල් මිල පාලනය කිරීම සහ සහල් හිඟයට පියවරක් ලෙස සහල් මෙට්‍රික් ටොන් 6,000ක් කඩිනමින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ශ්‍රී ලංකාව සහ පකිස්තාන අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ඇති විධිවිධාන අනුගමනය කරමින් කඩිනමින් මෙම සහල් ආනයනය කිරීම සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි අලහප්පෙරුම මහතා සඳහන් කළේ.
සහල් මිල පාලනයට පියවරක් ලෙස සමූපකාර සමිති හා එක්ව වී අස්වනු මිලදී ගෙන සහල් නිපදවා සාධාරණ මිලකට අලෙවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමැතිවරයා සදහන් කළේය.
පුද්ගලික – සමූපකාර හවුල්කාරීත්වය යටතේ කුරුණෑගල, අනුරාධපුරය, මඩකලපුව, හම්බන්තොට සහ අම්පාර යන දිස්ත්‍රික්කයන්හි නවීන තාක්‍ෂණය සහිත සහල් මෝල් පහක් ස්ථාපිත කර ඉදිරි මහ කන්නයේ සිට සහල් නිපදවා ලංකා ස.තො.ස හා සමූපකාර සමිති හරහා බෙදාහැරීම වෙනුවෙන් බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ද ඇමති මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ජනමාධ්‍ය ඇමැතිවරයා වැඩි දුරටත් සදහන් කළේය.