පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් හය දෙනකු සතුව තිබූ සහල් තොග රජයට පවරාගෙන සතොස වෙත භාරදී දුන් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් අද (08) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

ඒ අනුව නිපුන, ලත්පදුර, අරලිය, හිරු, නිව් රත්න සහ සූරිය යන ප්‍රධාන පෙළේ සහල් මෝල් සතුව පවතින තොග රජයට පවරා ගැනීම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරාල් එම්.ඩී.එස්.පී නිවුන්හැල්ල මහතාගේ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුවිය.

මේ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

