මහ කන්නයේ වගා කරන්න දින 35ක් ගොවීන්ට ජලය

මෙවර මහ කන්නයේ මහ වාරි ක්‍රමය යටතේ වී වගා කරන ගොවීන් සඳහා දින 35ක් ජලය සපයීමට අද (10) පැවැති මහවැලි ජල කළමනාකරණ කමිටුවේ දී තීරණය කෙරෙණි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඉල්ලීම අනුව මෙම තීරණයට එළඹි බව ජල කළමනාකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, කිර්ති බී. කොටගම මහතා  අද (10) පේරාදෙනිය, ගන්නොරුව පිහිටි ජාතික කෘෂිකර්ම තොරතුරු හා තාක්ෂණ ආයතනයේ පැවැති ජල කළමනාකරණ කමිටු රැස්වීමේදී සදහන් කෙළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුව දැනට ක්‍රියාත්මක වන කාබනික ගොවිතැන සාර්ථක කර ගැනිම සදහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදෙස් හා මඟ පෙන්වීම අනුව මෙවර මහ කන්නයේ ගොවිතැනට ජලය සපයන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක් වු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළේ මහ කන්නයේ වී ගොවිතැනට අවශ්‍ය කාබනක පොහොර අවශ්‍ය ප්‍රමාණයට ගොවීන්ට ලබා දීමට පියවර ගෙන ඇති බවය. ප්‍රථම වතාවට කාබනික වී ගොවිතැන සදහා සුදානම්වන ගොවීන්ට සිය කුඹුරුවල වල් මර්ධනය කර ගැනිම සදහා ජල සැපයුම දින 35ක් ලබා දීමට ජල කළමනාකරණ කමිටුවෙන් තීරණයක් ගන්නා ලද බව එම ජලය අරපරිස්සමින් ප්‍රයෝජනයට ගන්නා ලෙසද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය. මහ වාරි ක්‍රමය යටතේ වී වගා කරන ගොවීන්ට අවශ්‍ය පැරෂුට් තැටි අඩු මිලට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ලබාදීමට අවධානය යොමුකර ඇති බවද අමාත්‍යවරයා මෙහි දී සදහන් කළේය . 

කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල හා මොරගහකන්ඳ, කාසල්රී, මාවුස්සාකැලේ, උඩවලව, දඹුලුඔය, රාජාංගණය, නුවරවැව, ගිරතලේ, මින්නේරිය, කන්තලේ, වෙන්ඩ්‍රාසන් කවුඩුල්ල, පරාක්‍රම යන ජලාශවල මේ වන විට ජල ධාරිතාව 50% – 90% අතර මට්ටමක පවතින බවද මෙහි දී අනාවරණය විය.

මේ අනුව මහ කන්නය සදහා දින 35ක් ජලය සැපයීම ගැටලුවක් නොවන බවද මෙම අවස්ථාවට සහභාගි වී සිටි මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා කිවේය. 

ag1c image 02

මෙම ජල කළමනාකරණ කමිටු රැස්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය, මහවැලි සංවර්ධන අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය යන අමාත්‍යංශවල ⁣හා ඒ යටතේ ඇති රාජ්‍ යඅමාත්‍යාංශයන්හි ලේකම්වරු හා වාරිමාර්ග, කෘෂිකර්මයන දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරුඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි වී සිටියහ. 

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඇසුරිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *