ශත 25ක ලොකු ළූණු ආනයන බද්ද: ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන්ගෙන් ප්‍රකාශයක්

දේශීය ලොකු ළූණු ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් දැනට විදේශ රටවලින් ගෙන්වන ලද ලොකු ලුණු  කිලෝවකට පනවා ඇති ශත 25ක බදු මුදල ඉවත් කොට වහාම සරිලන බදු මුදලක් පනවන්නැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රජයෙන් සහ වෙළඳ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා  අද (03)  පැවසීය.

දේශීය ලොකු ළූණු ගොවීන් මීට සති කිහිපයකට ඉහත දී අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇත්තේ  දේශීය ලොකු ලූනු අස්වැන්න වෙළෙඳපොළට ලැබෙන අවස්ථාව වන විට විදේශීය රටවලින් ගෙන්වන ලොකු ළූණු සඳහා බදු මුදලක් පැනවීම වසර ගණනාවක් තිස්සේ අමාත්‍යවරයා විසින් සිදුකළ කටයුත්තක් නිසා මෙවර ද එම කටයුත්ත සිදු කරන ලෙස ද හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව විදේශ රටවලින් ගෙන්වන ලොකු ළූණු සඳහා වහාම සුදුසු බදු මුදලක් පනවා දේශීය ලොකු ලූණූ ගොවියා ශක්තිමත් කළ යුතු බවත් එමගින් දේශීය ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් වන බව අමාත්‍යවරයා විසින් රජයට මෙන්ම වෙළඳ අමාත්‍යවරයාට දැනුම් දුන් බවද  මන්ත්‍රීවරයා සඳහන් කළේය.

දේශීය ලොකු ළූණු වගාව වැඩි වශයෙන් තමන් නියෝජනය කරන මාතලේ දිස්ත්‍රික්කයේ මෙන්ම මාතලේ අවට අනිකුත් දිස්ත්‍රික්කවල ද පවතින බවත් ප්‍රධාන වශයෙන් දඹුල්ල බල ප්‍රදේශය මුල්  කර ගෙන දේශීය ලොකු ලූණු වගාව වැඩි වශයෙන් සිදු කර තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *