සංචරණ සීමා දැඩි කිරීම සමග ‘දඹුල්ල ආර්ථිකේ‘ එළවළු මිල ගණන් මධ්‍යස්ත වෙයි

  • ගොවීන්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ පැමිණීම 50%කින් පහළට
  • එළවළු තොග අලෙවි නොවීමෙන් ගොවීන්ට දුෂ්කරතාවට

පළාත් අතර ගමනා ගමන  සීමා පැනවීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන එන සහ එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන ජනතාවගේ 50%කට වඩා වැඩි අඩුවක් දක්නට ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ පවසති.

විශේෂයෙන් උතුරු නැගෙනහිරහිර පළාත් වලින් ලැබෙන එළවළු ප්‍රමාණය 15 දිනයේ 70%ක ටත් වඩා අඩු ප්‍රමාණයක් බව වෙළෙන්දෝ පවසති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වෙනත් දිනවල අළුයම් කාලයේ විශාල වශයෙන් එළවළු තොග ලැබෙන බවත් එමෙන්ම එළවළු මිලදී ගැනීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ජනතාව පැමිණෙන බවද පෙන්වා දෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳන් කියා සිටියේ මෙදින සියයට පනහකටත් වඩා අඩු ප්‍රමාණයකින් එළවළු ලැබීම මෙන්ම තොග මිලදී ගැනීම් ද සිදු වන බව ය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විත් තිබූ එළවළු තොග අලෙවි නොවීම හේතුවෙන් බරපතළ  ප්‍රශ්න රැසකට ගොවීන් මුහුණ පා ඇතැයි ද ගොවියෝ පවසයි

තමන් රැගෙන ආ එළවළු අස්වැන්න  මිලදී ගැනීම්ට සඳහා ව්‍යාපාරිකයන්  නොපැමිණීම නිසා එහි විශාල කාලයක් රැඳී සිටීමට සිදුව ඇතැයි එළවළු රැගෙන  ගොවීහූ පැවසසූහ.

කෙසේ වෙතත් දඹුල්ල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු මිලෙහි කිසිදු අඩුවක් නොලැබෙන බවත් එළවළු මිල මධ්‍යස්ථ මට්ටමේ පවතින බවද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල්වල ව්‍යාපාරික ප්‍රජාව වෙළඳපළට පැමිණීමෙන් තොරව සේවකයන් සහ කම්කරුවන් යොදා ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සැල් පවත්වාගෙන යන බවද අනාවරණය වූ තවත් කරුණකි.

දඹුල්ල කාංචන කුමාර ආරියදාස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *