සහල් සහ සීනී අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල නියමකරමින් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා විසින් ඊයේ (02) දිනයේ සිට බලැපැත්වෙන පරිදි ගැසට් නිවේදන දෙකක් නිකුත්කර තිබෙනවා.
අංක 2243/13 නම් ගැසට් නිවේදනයට අනුව සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 116ක් ද, එහි උපරිම සිල්ලර මිල පැකට් කළ කිලෝවක් රුපියල් 125ක් ද, පැකට් නොකළ රුපියල් 122/-ක් ද වශයෙන් ද දුඹුරු සීනි කිලෝවක පැකට් නොකළ රුපියල් 125/-ක් සහ පැකට් කළ රුපියල් 128/-ක් ලෙස දැක්වේ.
අංක 2243/14 දරන ගැසට් නිවේදනය මගින් කීරි සම්බා, සුදු සහ රතු සම්බා (වාෂ්පයෙන් තම්බන ලද) සුදු/රතු නාඩු (වාෂ්පයෙන් තම්බන ලන) සහ සුදු/රතු කැකුළු සහල් සදහා ‘උපරිම සිල්ලර මිල ගණන්‘ නියම කර තිබෙනවා.
ඒ අනුව, සුදු හා රතු කැකුළු කිලෝවක් සඳහා රුපියල් 95 ක්, සුදු හා රතු නාඩු කිලෝවක් සඳහා රුපියල් 98 ක්, සුදු හා රතු කැකුළු සම්බා කිලෝවක් සඳහා රුපියල් 103ක් ද කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 125ක උපරිම සිල්ලර මිලක්ද නියමකර තිබෙනවා.

