ආහාර හා ආහාර නොවන කාණ්ඩවල මිල ඉහළට: ජූලි මස උද්ධමනය 6.8%ක්

පසුගිය ජූලි මාසයේදී මෙරට උද්ධමනය 6.8% දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු වූ බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

මෙම අගය 2021 වර්ෂයේ වාර්තා වූ ඉහළම උද්ධමන අනුපාතය වීම විශේෂත්වයකි.

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජුනි මාසයේ පැවති සියයට 6.1හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 6.8 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය.

තවද, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජුනි මාසයේ දී පැවති සියයට 9.8හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 11.0 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජුනි මාසයේ පැවති සියයට 2.9හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 3.2 දක්වා ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 ජූලි මාසයේ දී සියයට 5.4හි නොවෙනස්ව පැවතුණි.

2021 ජූලි මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස 0.63ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සදහා හේතු විය. තවද, ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මාසික වෙනස්වීම් පිළිවෙළින්, සියයට 0.37ක් සහ සියයට 0.27ක් ලෙස වාර්තා විය. ඒ අනුව, 2021 ජූලි මාසයේ දී ආහාර කාණ්ඩයේ, ප්‍රධාන වශයෙන්, සීනි, එළවළු, කරවල සහ නැවුම් මත්ස්‍ය මිල ගණන් ඉහළ ගිය අතර, පොල් සහ පොල්තෙල් මිල ගණන්හි පහළ යෑමක් වාර්තා විය. එමෙන්ම, ප්‍රධාන වශයෙන් ප්‍රවාහන (පෙට්‍රල් සහ ඩීසල්) සහ ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩවල මිල ගණන්හි සිදුවූ ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක් 2021 ජූලි මාසයේ දී වාර්තා විය.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2021 ජුනි මාසයේ දී පැවති සියයට 4.1හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 4.4 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2021 ජූලි මාසයේ දී සියයට 4.4හි නොවෙනස්ව පැවතුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

press_20210823_inflation_in_july_2021_ncpi_s

Leave a Reply

Your email address will not be published. Required fields are marked *