පොල් සහ කිරි ආශ්‍රිත අතුරු නිෂ්පාදන 10ක් වෙළඳපොළට හඳුන්වා දෙයි

පොල් සහ කිරි ආශ්‍රිත අතුරු නිෂ්පාදන 10ක් වෙළඳපොළට හඳුන්වා දීමට සීමාසහිත හලාවත වැවිලි සමාගම කටයුතු කරන ලදි.

පසුගිය 03 වැනිදාට යෙදී තිබුණු ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව “අමුද්‍රව්‍ය වෙනුවට නිමි ද්‍රව්‍ය” යන තේමාව යටතේ නව හඳුන්වා  දීම් සිදු කරන ලදි.

දේශීය ආයුර්වේද ඖෂධ අඩංගු කර නිෂ්පාදනය කරන ලද පොල් තෙල්, පොල් සීනි, හකුරු, පොල් පැණි, පොල් කටු හැදි, ගිතෙල් වැනි නිෂ්පාදන රැසක් මෙහිදී වෙළද පළට  හඳුන්වාදීම සිදුවිය.

නව පොල් තෙල් විශේෂ භාවිතා කිරීම තුළින් ශරීරයේ ප්‍රතිශක්තීකරණය වැඩි කර ගත හැකි බවත්, පොල් සීනි භාවිතා කිරීම තුළින් ශරීරයේ සීනි මට්ටම පාලනය කර ගත හැකි බවත් මෙම අවස්ථාවට එක්ව සිටි හලාවත වැවිලි සමාගමේ සභාපති ජූඩ් රූකාන්ත මහතා පැවසීය.

හලාවත වැවිලි සමාගම විසින් ඉදිරියේදී බහු නිෂ්පාදන රැසක් වෙළඳපොළට එක් කරන බවත්, සියලු නිෂ්පාදන විදේශ වෙළෙදපොළට යොමු කර ඒ තුළින් විදේශ විනිමය ලබා ගැනීම අරමුණ බවද සභාපති ජූඩ් රූකාන්ත මහතා පැවසීය.

හලාවත වැවිලි සමාගමේ සාමාන්‍යාධිකාරී මහින්ද රණවීර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

සටහන සහ ඡායාරූප – ජූඩ් සමන්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *