ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන කෘෂිකර්ම නව්‍යකරණ ව්‍යාපෘතියේ ඩොලර් මිලියන 53ක ව්‍යාපෘති ඉදිරි මාස 18 තුළ අවසන් කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ පැවැති රැස්වීමකදී තීරණය කෙරිණි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මෙම සාකච්ඡාවට ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත ජෝන් හයිසර් හා කෘෂි විද්‍යාඥ ඇන්ඩෘ ගුඩ්ලන්ඩ්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ කේ.බී විජේකෝන්, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් සම්බන්ධ වී සිටියහ.
රජයේ ප්‍රතිපත්තිය අනුව යමින් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවැසි,
- මෙරට නිෂ්පාදනය කළ හැකි මිරිස්, ලූණු, අර්තාපල් බීජ හා බෝග සංවර්ධනය සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීම
- මෙරටට අවශ්‍ය මිරිස් 100% ක් මෙරට තුළදී ම නිෂ්පාදනය කිරීම
- අල හා ලූණු ද මෙරටට ආනයනය කිරීම නවතා මෙරටදී ම නිෂ්පාදනය කර ගැනීම
- කෙසෙල් වගාව දියුණු කර දැනට අපනයනය කරන කෙසෙල් ප්‍රමාණය ඉහළ නංවා ගැනීම
- ගොවි නිෂ්පාදන මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ඉදි කිරීම පිළිබඳව ද ප්‍රමුඛතාව දී ක්‍රියා කිරීම
ආදී කරුණු ගණනාවක් කෙරෙහි ප්‍රමුඛතාවය ලබාදෙමින් මුදල් ආයෝජනය කිරීමට ද මෙම ව්‍යාපෘතිය මඟින් බලාපොරොත්තු වේ.