කුරුණෑගල සිට අනුරාධපුරය දක්වා ප්‍රධාන මාර්ගය දෙපස ඇති වැව් 13ක් සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් රුපියල් මිලියන 810ක ප්‍රතිපාදන මගින් වාරිමාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර ඇති ‘වාරි සෞභාග්‍යා’ වැඩපිළිවෙල යටතේ ආරම්භ කර ඇත.
අනුරාධපුරය සහ කුරුණෑගල අතර පිහිටි ගල්කුලම වැව, තිරප්පනේ වැව, උලන්කුලම වැව, මලව වැව, තිබ්බටු වැව, සලු අපුල්ලන වැව, ඉබ්බන්කටුව වැව, කුඩා වැව, ගලපිට වැව, පුවක්පිටිය වැව, කලහකලේ වැව, පාලම්මුල්ල වැව සහ කලගස් වැව යන වැව් මේ යටතේ ප්‍රතිසංස්කරණය කෙරේ.

මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා එම කටයුතු නිරීක්‍ෂණය කිරීමේ චාරිකාවක ඉකුත් දා නිරත විය.
එම වැව්වල ප්‍රතිසංස්කරණ කටයුතු මාස දෙකක් පමණ ඇතුළත නිම කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

සංචාරක ආකර්ෂණය දිනාගත හැකි පරිදි වැව්වල වැවී ඇති අනවශ්‍ය ජලජ ශාක ඉවත් කිරීම, වැව් අවට ඇවිදින මංතීරු ඉදිකිරීම, සූර්ය විදුලිපහන් භාවිතයෙන් ආලෝකමත් කිරීම, විවේක ගත හැකි හා ව්‍යායාම කිරීමේ ස්ථාන ඇතිකිරීම, ළමා උයන්, රථගාල් හා සනීපාරක්‍ෂක පහසුකම් ඉදිකිරීම ඇතුළු කටයුතු මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙන බව ද හෙතෙම සඳහන් කළේය.
මීට අමතරව වැව් අවට කෘෂි නිෂ්පාදන, අත්කම් භාණ්ඩ අලෙවිසැල් ද මේ අවට ඉදිකෙරෙන බව රාජ්‍ය ඇමතිවරයා කීවේය.