2021 ජනවාරි-ජූලි අපනයන ආදායම 22%කින් ඉහළට

2021 ජනවාරි – ජූලි මාස අතර ශ්‍රී ලංකාවේ අපනයන අදායම 2020 වසරේ ජනවාරි – ජූලි මාසවල අපනයන ආදායමට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 1209කින් හෙවත් 22.17%කින් ඉහළ ගොස් ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලයේ නවතම වාර්තා පෙන්වා දෙනවා.

එහෙත් එය 2020 වසරේ ජනවාරි – ජූලි මාසවල අපනයන අදායම වූ ඩොලර් මිලියන 6909.12ට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 248ක අඩුවීමක් බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

2021 ජනවාරි – ජූලි අපනයන ආදායම තුළ කුළුබඩුවලින් උපයා ගත් අපනයන ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් දැකගත හැකිවීම විශේෂත්වයක්. එය 2020 ජනවාරි-ජූලි මාසවලට සාපේක්ෂකව 56.46%ක වර්ධනයක් වාර්තා කළ අතර එය 2020 ජනවාරි – ජූලි අපනයන අදායමට සාපේක්ෂකව ඩොලර් මිලියන 73ක ඉහළ වර්ධනයක්.

සාම්පද්‍රායිකව ශ්‍රී ලංකාවේ අපනය අපනයන ගමනාන්ත අතර ඇමෙරිකා එක්සත් ජනපදය පළමු තැන ගෙන ඇති අතර එරටට 2021 ජනවාරි – ජූලි මාසවල සිදුකළ අපනයනවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1631.36ක් වෙනවා. එය 2020 ජනවාරි – ජූලි මාසවලට සාපේක්ෂව 16.23%ක වර්ධනයක් ලබා තිබෙනවා.

මහා බ්‍රිතාන්‍ය, ඉන්දියාව, ජර්මනිය සහ ඉතාලිය ශ්‍රී ලංකාවේ මුල් පෙළ අපනයනකරුවන් 05 දෙනා වන අතර චීනයට 2021 ජනවාරි – ජූලි මාසවල සිදුකළ අපනයනවල මුළු වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 164.62ක් වන අතර එරට 09 වැනි ස්ථානයේ පසුවෙනවා.

ශ්‍රී ලංකාව 2021 ජනවාරි ජූලි අතර සිදුකළ අපනයනවලින් ඩොලර් මිලියන 2930.87ක් ඇගළුම් අපනයනයෙන් උපයා ගෙන ඇති අතර එහ වර්ධනය 2021 ජනවාරි – ජූලි මාසවලට සාපේක්ෂව 2193%ක්. එහෙත් එය 2020 වසරේදී ඇගළුම් අපනයනයෙන් උපයා ගත් ඩොලර් මිලියන 3226.11ක අපනයන අදායම ඉක්මවා යාමට 2021 දී හැකියාවක් ලැබී නැහැ.

අපනයන ආදායම – එක්සත් ජනපද ඩොලර් මිලියන

 Exports of GoodsJan-July2019Jan-July2020Jan-July2021% Growth (20-21)July2020July2021% Growth (20-21)
 Apparel3226.112403.702930.8721.93467.04452.55-3.10
 Tea796.26702.60765.668.98130.92115.13-12.06
 Rubber-based535.32434.27616.5941.9885.0896.6513.60
 Coconut-based370.35356.37464.4230.3274.7976.672.51
 Diamond, Gems & Jewelry175.2985.52148.7873.9714.3421.4149.30
 Electronics & Electronic Components227.99176.26241.4536.9932.1639.4622.70
 Spices and Concentrates170.69155.71243.6256.4641.2345.9611.47
 Food & Beverages220.98218.43211.37-3.2362.1536.99-40.48
 Seafood163.99117.59146.8524.8818.4840.48119.05
 Ornamental Fish9.137.8211.6448.851.444.94243.06
 Vegetables18.3815.5214.66-5.542.683.6837.31
 Fruits24.6221.4321.892.153.704.0910.54
 Other Export Crops17.1549.6932.66-34.2710.536.01-42.92
 Flowers & Foliage11.657.729.2019.171.082.0387.96
 Boat Building63.611.642.6762.800.280.14-50.00
 Petroleum Products196.70205.82115.01-44.1235.1850.5843.77
 Others680.9492.44683.7938.86103.92102.64-1.23
 Total Merchandize Exports6,909.125,452.536,661.1322.171,085.01,099.411.33

ප්‍රධාන අපනයන රටවල් 10

CountryJan-July2020Jan-July2021% Growth (20-21)July2020July2021% Growth (20-21)
1United States1,403.541,631.3616.23256.09276.227.86
2United Kingdom461.7525.3513.79100.181.17-18.91
3India339.39429.4726.5461.8768.4210.59
4Germany312.57417.8133.6762.2966.897.38
5Italy233.46325.0939.2550.4850.23-0.50
6Netherlands146.99232.0957.9036.6538.384.72
7Belgium156.75186.5419.0034.1827.00-21.01
8Canada109.58173.3858.2221.2831.3047.09
9China114.66164.6243.5725.3123.94-5.41
10UAE113.21152.5234.7219.2535.9386.65
Others2,060.682,422.9017.58417.50399.93-4.21
Total5,452.536,661.1322.171,085.01,099.411.33

Leave a Reply

Your email address will not be published. Required fields are marked *