පරිසර හානි කිරීම් හා මහජන පැමිණිළි විමර්ශනය සඳහා විශේෂ අභ්‍යන්තර විමර්ශන ඒකකයක් හා හදිසි කඩා පැනීම් ඒකකයක් පිහිටුවීමට රජය පියවර ගෙන ඇත.
එම ඒකක පිහිටටුවිමේ කටයුතු ඉක්මණින් ආරම්භ කරන ලෙස පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ලේකම්වරයා මෙන්ම අනෙකුත් අතිරේක ලේකම්වරුන් සමග කළ සාකච්ඡාවක් පරිදි දැනට පරිසර අමාත්‍යාංශයට අනුබද්ධව ක්‍රියාත්මක වන ආයතනවල වැඩ කටයුතු කාර්යක්ෂම කිරීම මෙන්ම මහජනතාව වෙතින් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් වන පැමිණිළි විමර්ශනය සඳහා මෙම හදිසි කඩා පැනීම් ඒකකය පිහිටුවිය යුතු බව පෙන්වා දුන්නේ යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ප්‍රධාන ආයතන හතරට අදාලව පත් කර ඇති දිස්ත්‍රික් නිලධාරින්රැසකගේ අකටයුතුකම් සම්බන්ධව මහජනතාව වෙතින් නිරන්තරයෙන් අමාත්‍යාංශයට පෙත්සම් ලැබී ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා බොහෝවිට මහජනතාව වෙතින් ඉදිරිපත්ව ඇති පැමිණිලිවල සඳහන් වන්නේ