ලොව බලවත්ම පරිසර සංවිධානය Greenpeace සංවිධානයට වසර 50ක් පිරෙයි

ලෝකයේ බහු ජාතික සංවිධාන හා ඊට අනුබද්ධ රජයන්ට එරෙහිව සිවිල් නීති කඩමින් සාමකාමී උද්ඝෝෂණ වල යෙදෙන සංවිධානයක් වන greenpeace සංවිධානය ලොව බලවත් රාජ්‍යයන්හි ඔත්තු සේවා වල ඍජු ඉලක්කයක් බවට පත් වී ඇති සංවිධානයකි. ලෝක සුප්‍රසිද්ධ පරිසර සංවිධානයක් වන greenpeace සංවිධානයට අද දිනයේ වසර 50ක් පිරේ.

න්‍යෂ්ටික අවි විරෝධය, තල් මසුන් ආරක්ෂා කිරීම හා වෙරළ සංරක්ෂණය, පෘථීවිය රත්වීමට හා පරිසර දුෂණයට එරෙහිව සටන් කරන සංවිධානයක් වන greenpeace සංවිධානය බිහිවනුයේ වියට්නාම් යුද්ධයට එරෙහිව සටන් කල තරුණ ඇමරිකන් හා කැනේඩියන් තරුණ පිරිසක මැදිහත්වීමෙන් 1971 සැප්තැම්බර් 15 වැනිදාය. ඇලස්කාව තුල න්‍යෂ්ටික අවි අත්හදා බැලීමට සුදානම් වූ ඇමරිකාවට එරෙහිව 1971 සැප්තැම්බර් 15 වැනිදා සිදුකල උද්ඝෝෂණයකින් පසුව මෙම සංවිධානයේ ආරම්හය සිදුවූ බව වාර්තා වේ.

එහි නිර්මාර්තෘ Robert Stowe පවසනුයේ “එම මෙහෙයුම සමහරුන් නම් කලේ පිස්සු කොල්ලන්ගේ පිස්සු වැඩක් කියලා. එදා අපේ සංවිධානය නම් වුනේ Don’t Make a Wave ලෙස. ඇමරිකන් ඔත්තු සේවය අපව අත්අඩංගුවට ගනු ලැබුවත් පරිසර දුෂණයට එරෙහිව අපේ මෙහෙයුම් පසු කලෙක ලොව පුරා ප්‍රසිද්ධියට පත් වුනා. ඉන් පසුව අපේ සංවිධානය greenpeace ලෙස නම් කෙරුණා. “

1980 දශකයේදී greenpeace සංවිධානයට අයත් නැවක් න්‍යෂ්ටික අපද්‍රව්‍ය මුහුදට හෙලන බහු ජාතික සමාගමකට අයත් නැවක් විසින් මුහුදුබත් කිරීමත් සමග නැවතත් greenpeace පිළිබඳව ලෝක මාධ්‍ය තුලින් කතාබහට ලක්විණි. ” ඒ යුගයේ අපිට නැතිවෙන්න දෙයක් තිබුනේ නෑ. අපි කුඩා කණ්ඩායමක්. අපිට තිබුණ සම්පත් ප්‍රමාණයත් ඉතාමත් අඩුයි. නමුත් කුඩා කණ්ඩායමක් ලෙස අප ආරම්හ කල අපේ අරගලය වර්තමානය වන විට ලොව පුරා ප්‍රකට වී තිබෙනවා. එය අප ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක්” Robert Stowe පවසයි.

1985 දී නවසීලන්ත මුහුදේ ප්‍රංශය විසින් සිදුකරන ලද න්‍යෂ්ටික අවි අත්හදා බැලීමට එරෙහිව විරෝධතාවක යෙදුනු greenpeace සංවිධානයට අයත් වූ Rainbow Warrior නෞකාව ප්‍රංශ ඔත්තු සේවය විනාශ කරනු ලැබුවේ පෘතුග්‍රීසි ජාතික කැමරා ශිල්පියෙකු වූ Fernando Pereira මරා දමමිනි. මෙයින් ප්‍රංශ රජයට එරෙහිව ලොව පුරා විරෝධතා එල්ලවිණි.

මේ වනවිට greenpeace සංවිධානයට ලොව පුරා 240000ක සාමාජිකත්වයක් සිටි. “අපේ අරගලය අවසාන වන්නේ නෑ. එය අවසාන වනුයේ පරිසරය රැක ගැනීමට සියළු රජයන්, සංවිධාන, පුරවැසියන් එකම පෙරමුණකට පැමිණීමෙන් පමණියි. ඒ සඳහා සියළු පරිසර සංවිධාන එක පෙරමුණකට පැමිණිය යුතුයි” එහි තවත් සාමාජිකාවක් වන Jennifer Morgan මාධ්‍ය වෙත පවසා සිටියාය.

lankatruth.com ඇසුරිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *