කොවිඩ් සමයේ අපනයන වාර්තාවක්: කුරුඳු අපනයනයෙන් රු. කෝටි 2,290ක ආදායමක්

2021 වසරේ මුල් මාස හත තුළ කුරුඳු අපනයනයෙන් රුපියල් කෝටි 2,290ක ආදායමක් ලැබීමට සමත්ව ඇති බව ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය ජී. ජී. ජයසිංහ මහතා ‘දිනමිණ‘පුවත්පත කළ විමසීමකදී හෙළිකර ඇත.

එම වාර්තාවේ මෙසේ ද සදහන් වේ. ‘‘2020 වර්ෂයේ කුරුඳු මෙට්‍රික් ටොන් 18,000ක් පමණ අපනයනය කළ අතර, ඉන් ලැබුණු ආදායම රුපියල් බිලියන 38.2ක් බවත් මේ වසරෙහි ජූලි 31දා වන විට කුරුඳු අපනයනයෙන් ලැබුණු ආදායම රුපියල් බිලියන 22.9කි.

ඉතිහාසයේ වැඩිම කුරුඳු අපනයනය වූයේ කොවිඩ් තත්ත්වය පැවති කාලවකවානුවේ බව ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.

අපනයන කෘෂි භෝග අපයනය ආදායමෙන් 50%ක පමණ දායකත්වයක් ලබා දෙන්නේ කුරුඳුවලින් වන අතර, මෙක්සිකෝව, අමෙරිකා එක්සත් ජනපදය, කොලොම්බියා, ස්පාඤ්ඤය ඇතුළු දකුණු අමෙරිකානු රටවල්වල් ප්‍රධාන අපනයනකරුවන් අතර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *